කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් රට පනී! බැදුම්කර කොල්ලය යටපත් කිරීමට කුමන්ත්‍රණයක්! (වීඩියෝ)

Spread the love

මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ.

රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මේ බව පවසා සිටියේය.

එහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වු දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියන් ප්‍ර‍කාශ කර සිටියේ, බැදුම්කර මගඩිය යටපත් කිරීමට අගමැතිවරයා හෝඩිය පන්තියේ වැඩ කරන බවයි. අගමැතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී හැසිරුනු ආකාරය පිළිබද බලවත් අප්‍ර‍සාදය හා විරෝධය ප්‍ර‍කාශ කර සිටින බවත් කතානායකවරයා අගමැතිවරයාගේ හැසිරීම ගැන නිසි පියවර ගත යුතු බවද වැඩිදුරටත් අදහස් දක්වමින් සුමංගල කියා සිටියහ.

අද වනවිට බැදුම්කර මගඩිය ගැන තිබෙන අවදානය සමාජයෙන් ගිලිහෙමින් තිබෙන බැවින් බැදුම්කර මගඩියේ සියලු වැරදි රවී කරුණානායක මන්ත්‍රීවරයා මත පැටවීමට රජය උත්සාහ කරන බවද උලපනේ සුමංගල හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය.

අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවද උලපනේ සුමංගල හිමියන් මෙහිදී අවධාරණය කළහ.

මුදල් අමාත්‍යාංශය සතුව පැවති ශ්‍රී ලංකා මහ බැංකුව සිය යටතට ගෙන අගමැතිවරයා තම ගජමිතුරෙකු එහි අධිපතිවරයා බවට පත් කරන ලද්දේ මහ බැංකු මගඩිය සිදු කිරීම සදහාම වන නිසා මහ බැංකු බැදුම්කර මගඩියට සෘජුවම වගකිව යුතු අගමැතිවරයාව වහාම නීති හමුවට පැමිණ විය යුතු බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියන් ප්‍ර‍කාශ කර සිටියහ.

මහ බැදුම්කර මගඩිය සිදුවු දින සිටම ඊට එරෙහිව කටයුතු කළ දූෂණ විරෝධී පෙරමුණ මෙම බැංකු මංකොල්ලයට වගකිව යුතු හොරුන්ට දඩුවම් ලබාදෙන තුරුම සටන අත නොහරින බවද උන්වහන්සේ අවධාරණය කර සිටියහ.

ඒකාබද්ධ විපක්ෂයේ සිටින පල් හොරුන්ට බැදුම්කර මගඩිය ගැන කතා කිරීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත්, කෝටි ගණන් හොරා කන ලද බවට සිය බිරිද විසින්ම ඔප්පු කරන ලද මහින්දානන්ද අලුත්ගමගේ රනිල් වික්‍ර‍මසිංහට හොරා කියන බවත්, නයා ගැසුවා කියා අධිකරණය මගහැරපු රෝහිත අබේගුණවර්ධන රනිල් වික්‍ර‍මසිංහට හොරා කීමට කිසිදු අයිතියක් නොමැති බවත් කියා සිටි උලපනේ සුමංගල හිමියන් රාජපක්ෂ හොරු සහ යහපාලන හොරු එක සිරගෙට ගාල් කළ යුතු බව අවධාරණය කළහ.

දූෂණ විරෝධී පෙරමුණ සංවිධානය කළ එම මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අදහස් දැක්වු දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක නිශාන්ත වර්ණසිංහ ප්‍ර‍කාශ කර සිටියේ දූෂණ විරෝධී පෙරමුණ සැමවිටම මෙරට යහපත් හා ශීලාචාර දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින බවයි.

මෙරට දේශපාලනයට පුර්වාදර්ශයක් සැපයිය යුතු පාර්ලිමේන්තුව තුළ පසුගියදා සිදුවු ගැටුම ඉතාම පිලිකුලින් යුතුව හෙලා දකින බවත් පාර්ලිමේන්තුව තුළ සිදුවන මෙවැනි සිද්ධි යහපාලනය පිලිබද අප කතා කරන සියල්ල වැදි බණ බවට පත් කරන බවත් ඔහුගේ අදහස විය.

පාර්ලිමේන්තුව තුළ පසුගියදා සිදුවු සිද්ධියට කතානායකවරයා වගකිව යුතු බවත් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ සිටින පුද්ගලයින් මෙලෙස හැසිරෙන විට පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට අත්වන ඉරණම කුමක්දැයි ඔහු රජයෙන් ප්‍ර‍ශ්න කර සිටියේ ය.

බැදුම්කර වාර්තාව ගැන සාකච්ඡා කිරීමට රැස් කරන ලද පාර්ලිමේන්තුවට අදාළ වාර්තාව ලැබී නැත්නම් කතානායකවරයා කළ යුතුව තිබුනේ පාර්ලිමේන්තුව කල්තැබීම බවත් එය සිදු නොකර බැදුම්කර සිද්ධියට අදාළ වෙනත් ප්‍ර‍කාශ කිරීමට ඉඩ දීමෙන් ඉහත ගැටුම සිදුවු බව දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක නිශාන්ත වර්ණසිංහ කියා සිටියේ ය.

මෙවැනි සිදුවීම් රටේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට සුබදායක නොවන බවත් ජනතාවට දේශපාලනය සහ දේශපාලකයන් ගැන තිබෙන විශ්වාසය මෙයින් පලුදු වන බවත් එමනිසා ඉදිරි මැතිවරණයට ජනතා සහභාගිත්වය තවත් අඩු විය හැකි බව ඔහු අවධාරණය කළේය.

අනතුරුව අදහස් දැක්වු දූෂණ විරෝධී පෙරමුණේ සංවිධායක තුසිත බාලසූරිය කියා සිටියේ යහපාලන ආණ්ඩුවේ තුන වසරේ ප්‍ර‍ගති වාර්තාව පරික්ෂා කළ විට හොරු වෙනුවෙන් හොරු රැකපු, නීතිය නවපු වැඩවල ප්‍රතිළුල දිස්වන බවයි.

හිටපු හොරුන්ට නඩු නොඅසා සමාව දීම නිසා, නඩු නොඅසා නිදහස් කිරීම නිසා අලුත් හොරු රැසක් බිහිව ඇති බවත් පළාත් පාලන ආයතන වලට සියලුම පක්ෂවලින් හොර, මැර හා ජඩ අපේක්ෂකයන් ඉදිරිපත් වන බවට දූෂණ විරෝධී පෙරමුණට වාර්තා වීමට එය හේතුවක් වී ඇති බවත් ඔහුගේ අදහස විය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවය කුප්‍රකට කුඩු ව්‍යාපාරිකයෙක් මැතිවරණයට ඉදිපත් වන බවත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල නගර සභාවට ගණිකා ජාවාරමෙහි නිරත වන පුද්ගලයෙකු ඉදිරිපත් වන බවත්, කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල නගර සභාවට කුප්‍ර‍කට පාතාල කල්ලි සාමාජිකයෙක් ඉදිරිපත් වන බවත් ඔහු විසින් හෙළිදරව් කළේය.

RSL

Related Posts