මංගලගේ බේබදු තීරණයට මහා සංඝරත්නයේ විරෝධය

Spread the love

මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය වෙනුවෙන් කාන්තාවන්ට පනවා තිබූ නීතිරීති, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලිහිල් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් සිය විරෝධතාව පළකර සිටිති.

එපමණක් නොව මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද උන්වහන්සේ පැවසූහ. සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා අත්සන් තැබීය.

ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරීමට මෙන්ම මත්පැන් මිලදී ගැනීමටද කාන්තාවන්ට අවස්ථාව සැලසෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

මේ අතර මත්පැන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය ගත් නව තීන්දුවලට දැඩි අප්‍රසාදය පල කරන බව ශ්‍රී රෝහණ සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී ඕමාරේ කස්සප හිමි පවසයි. මාතර, කඹුරුපිටිය, සපුගොඩ රජමහා විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් උන් වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

RSL

Related Posts