ශ්‍රී ලාංකිකයන් 62,338කට විදේශගත වීම් තහනම්!
ශ්‍රී ලාංකිකයන් 62,338 දෙනකුට මෙරටින් විදේශගත වීම තහනම් කර ඇත. මෙම පිරිස අතර ආරක්ෂක අංශවල පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා විවිධ නිලයනට අයත් තිස් දහසක්ද දෙනා සිටිති. මෙම තොරතුරු රජයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අනාවරණය කෙරිණි. ලංකාවේ අධිකරණ හා හමුදා අධිකරණ මඟින් මෙම නියෝග ලබා දී ඇති අතර 62,338ක් වන මෙම පිරිස අසාදු ලේඛනගත කර ඇත. හමුදා අංශවලට අයත් …
Continue Reading
ගලහ රෝහල ඇතුළු රාජ්‍ය දේපලවල විනාශ කළ සැකකරුවන් අත්අඩංගුවට
පසුගිය දා ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම සිදුවීමේදී ගලහ රෝහල ඇතුළු එහි දේපලවලට හානි කරමින් රාජ්‍ය දේපලවලට අනර්ථය සිදුකිරීමට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට සුළු වේලාවකට පෙර මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි. ගලහ පොලිස් ස්ථානයේ …
Continue Reading
මහින්ද එදා අරලිය ගහ මන්දිරේ මඟුල් කෑවනම් අද වෙන දේ.. (Video)
තම පාලන කාලය තුළ අරලියගහ මන්දිරයේ විවාහ මංගල උත්සව පැවැත්වූයේ නම් මේ වන විට තමාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යාමට සිදු වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (01) කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය නැරඹීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහභාගී විය. ප්‍රදර්ශණය …
Continue Reading
විජේදාස මහපොළත් ඉවර කරයි! අලුත් පොටකට ගැටේ ගසයි
මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ නාමය ලලිත් ඇතුලත්මුදලි භාරකාර අරමුදල ලෙස වෙනස් කිරීමට තීරණයක් ගනු ලැබූ බව උසස් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අද(31) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙම ශිෂ්‍යත්වයේ ඉතිහාසය විශ්වවිද්‍යාල සිසුන් පවා නොදන්නා බවත්, අද වන විට ඉතිහාසය අමතක වී පසුගිය දවසක ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පිළිරුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විනාශ කළ …
Continue Reading
අධිකරණයට අපහාස කිරීම ඇතුළු අධිචෝදනා රැසකට වරදකරු වූ ඥානසාර හිමිගේ අභියාචනය ප්‍රතික්ෂේපයි! දඬුවම ස්ථිරයි
තමන් වහන්සේට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවසර දෙන්න ලෙස ඉල්ලා බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග ලබා දුන් බව අප වාර්තාකරු සඳහන් කළේය. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු …
Continue Reading
සුද්දෝ අපට රට බාරදීලා යනකොට ලෝකෙට සත පහක් ණය තිබුණේ නෑ
මහා ණය කන්දකට හිරවී සිටින අපේ රට මේ වෙනකොට කොපමණ ණය මුදලක් ගෙවීමට ඇත්දැයි කිසිවකුත් නොදන්නා බවත්, ජනාධිපති හා අගමැතිවත් එය නිවරැදිව නොදන්නා බවත් හැකි නම් එම මුදල කොපමණ දැයි හෙළිකරන ලෙස තමා එම දෙපළට අභියෝග කරන බවත් දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි නලීන් හේවගේ පැවැසීය. හෙතෙම එසේ පැවැසුවේ තෙලිකඩ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි. එහිදී තවදුරටත් අදහස් …
Continue Reading
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන ගැන ජනපති බිමිස්ටෙක් සමුළුවේදී අවධාරණය කරයි
ලෝක ප‍්‍රජාව සහ සියලු රාජ්‍යයන් නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව එකාවන්ව සහ සහයෝගයෙන් කටයුතු කළයුතු බව ජනාධිපතිතුමා පවසයි. අද නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයක් බව සඳහන් කළ ජනාධිපතිතුමා ඊට විසදුම් සෙවීමට සියලුදෙනා එක්ව්ය යුතු බව ද සඳහන් කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ කෙරුණු බහුආංශික තාක්ෂණික හා ආර්ථික …
Continue Reading
මහින්දගේ නායකත්වයෙන් රටට හිතැති ආණ්ඩුවක් හදන මෙහෙයුම කොළඹින් අරඹනවා
‘මුළු රටම උග්‍ර දේශපාලන අර්බුදයකට ලක් කර ජනතා ආර්ථිකය පහතට ඇද දැමූ මේ ආණ්ඩුව පෙරළා දැමීමේ මහා ජනතා විප්ලවය සැප්තැම්බර් 05 වැනිදා අපි කොළඹින් ආරම්භ කරනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ කීවේය. ඒ මහතා එසේ කීවේ පසුගියදා උඩුගම්පල රෙජී රණතුංග අනුස්මරණ සමරු ශාලාවේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමේදීය. නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය. අද ජනතාව …
Continue Reading
සාක්ෂි ඇත්නම් ත්‍රිවිධ හමුදා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර අත්අඩංගුවට ගන්න නියෝග!
අධිකරණයට අවශ්‍යව සිටි සැකකරුවකු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් චන්දන කුමාර හෙට්‌ටිආරච්චි නමැත්තාට අධිකරණය මගහැර සිටීමට ත්‍රිවිධ හමුදා ආරක්‌ෂක මාණ්‌ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විඡේගුණරත්න මහතා කුමන ආකාරයකින් හෝ සහාය දක්‌වා හෝ ආධාර අනුබල දී ඇති බවට හෝ ප්‍රමාණවත් සාක්‌ෂි ඉදිරිපත් වන්නේ නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (29දා) අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවට …
Continue Reading
මහින්දව ඇරපු අපිට මේ ලපයි සිපයි ආණ්ඩුව කජ්ජක්ද..?
2015දී මහ බලගතු මහින්ද රාජපක්‍ෂයන්ගේ ආණ්ඩුව ගෙදර යැවූ අපිට මේ ලපයි සිපයි ඉන්න ආණ්ඩුව ගෙදර යවන එක කජ්ජක් නෙවෙයි. 2020දී වමේ පාලනයක් නොවේ ප්‍රතිපත්තියක් ඇති ආණ්ඩුවක් තැනීමේ ආරම්භය අපි ගෙන තිබෙනවා යැයි රට රකින රට හදන ජනතාවාදී පාලනයක් යනුවෙන් පැවැති සම්මන්ත්‍රණය සඳහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක ඇහැලියගොඩදී පැවැසීය. ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැති මෙම සම්මන්ත්‍රණය අමතමින් බිමල් රත්නායක …
Continue Reading