Exclusive: ගෝඨාභයට බැරි නිසා ඒකාබද්ධයේ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට; මෛත්‍රී-මහින්ද විශේෂ හමුවක්

අමෙරිකානු ජාතික පුරවැසිභාවයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන් අත්මිදීමට නොහැකි තත්වය හේතුවෙන් පොහොට්ටුව ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට නියමිත බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මේ බව ජනාධිපතිවරයාට ඉතා සමීප ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිහිප දෙනෙකු විසින්ම තහවුරු කළ අතර හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂට සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම …

Continue Reading

අභ්‍යවකාශයට එක්කළ ශ්‍රී ලාංකීය නාමය “රාවණා-01” (වීඩියෝ)

අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ විශිෂ්ට පියවරක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඊයේ (18) අභ්‍යාවකාශගත කෙරුණේය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම 2.16 රාවනා වන් චන්ද්‍රිකාව කක්ෂ ගතකෙරුණේ, අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිටයි. රාවනා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වන්නේ, විදුලි සහ විද්‍යුත් ඉංජිනේරුවරුන් වන තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේය. එම චන්ද්‍රිකාව රැගත් සිග්නස් රොකට්ටුව ජාත්‍යන්තර අභ්‍යාවකාෂ මධ්‍යස්ථානය කරා …

Continue Reading

දරුණු ගණයේ අපරාධකරුවකු වන මාකඳුරේ මධුෂ් පිටුවහල් කිරීම කල්යයි

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකඳුරේ මධූෂ් විසින් එරට අධිකරණය හමුවේ ගොනු කළ අභියාචනයේ තීන්දු ලබා දිම මැයි මස 2 වැනිදා දක්වා කල් තැබිමට අධිකරණය තීරණය කර තිබේ. මේ අතර ඩුබායිහිදි අත්අඩංගුවේ සිට පිටුවහල් කළ තවත් දෙදෙනෙකු අද(18) අළුයම මෙරටට පැමිණිමෙන් පසු කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් භාරයට ගැනුණි. ඊයේ(17) දිනයේදි මෙරටට පැමිණීමෙන් පසු අපරාධ පරික්ෂණ …

Continue Reading

2019 ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයෙන් චන්දිමාල් ඉවතට

2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත් වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා මෙම ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇත. එහෙත් කණ්ඩායමේ හිටපු නායකයෙක් …

Continue Reading

දරුණු ඝණයේ අපරාධකරු මධුෂ් පිටුවහල් කරනවාද.. නැද්ද? – ඩුබායි උසාවියේ තීන්දුව අද

මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනවාද නැද්ද යන තීන්දුව ඩුබායි අධිකරණය මගින් අද (18) ලබාදීමට නියමිතව ඇත. සිය ජීවිතයට තර්ජනයක් ඇති බැවින් තමන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත නීතිඥයන් මාර්ගයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. ශී‍්‍ර ලංකා පොලිසිය සහ ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි තමන් ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටින බැවින් තමන් ශී‍්‍ර ලංකාව …

Continue Reading

ඇදි ඇදී ගිය උමාඔය ව්‍යාපෘතිය ඇමති රවී කඩිනම් කරයි.. තවත් විදුලිය ජාතික පද්ධතියට

ලබන වසර මැද වනවිට උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරිම් කටයුතු අවසන් කරන බවත්, ඒ හරහා ජාතික විදුලිබල පද්ධතියට තවත් මෙගාවොට් 120ක ධාරිතාවයක් එකතු වන බවත් විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ, පසුගියදා උමා ඔය බලාගාරයේ ඉදිකිරීම් ප්‍රගතිය නිරිකෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. තමන්ට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් මෙවැනි ව්‍යාපෘති නිම කර, …

Continue Reading

ගෝඨාභය නැති වුනාට ප්‍රශ්නයක් නැහැ; තව රාජපක්ෂවරු ඉන්නවා – පොහොට්ටුව කියයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විමට තවත් රාජපක්ෂවරුන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් චන්ද්‍රෙස්න මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලෙස මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාගේ කැමැත්ත මත මේ වන විට තරගයට ඉදිරිපත් …

Continue Reading

Exclusive: ගෝඨාට එරෙහි මිනීමැරුම් නඩු අමෙරිකානු අධිකරණයේදී විවෘත වෙයි! ඝාතන චෝදනා 79 කින් සමන්විත සම්පූර්ණ නඩු වාර්තාව මෙන්න

පැවති රාජපක්ෂ රෙජීම පාලනසමයේදී මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එවක හිටපු ආරක්ෂක ලේකම් මෙන්ම රාජපක්ෂ රෙජීමයේ මිනීමැරුම් සහ ඝාතන අංශ ප්‍රධානියාව සිටි අමෙරිකානු පුරවැසිභාවය හිමි අමෙරිකානු ජාතික ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයක විනිසුරුවරයෙකු විසින් නඩුවක් විවෘත කර ඇති බව බී.බී.සී. ලෝක සේවය පවසයි. අමෙරිකානු ජාතිකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අප්‍රේල් මස 04 වනදා …

Continue Reading

මෛත්‍රී-මහින්ද සන්ධානයට ජී.එල්. බාධාවක් වෙයි

ජී.එල් පීරිස් කළ ප‍්‍රකාශය පක්ෂ දෙකේ සාකච්ඡාවලට විශාල බධාවක්. මන්ත‍්‍රී ධුරයක් නැති නිසා ඔහු විවිධ ප‍්‍රකාශ කරනවා. ඒවා පැත්තකින් තියලා සාධනීය විදියට සාකච්ඡා ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එකතු වුනොත් ජයග‍්‍රහණය කරනවා. නැත්තම් පරාද වෙනවා. ඕනම මැතිවරණයකට පුලූ‍ල් පෙරමුණක් විදියට ඉදිරිපත් වීම සඳහා තමයි සන්ධානයක් වෙනුවෙන් සාකච්ඡුා කරන්නේ යැයි සන්ධාන මහ ලේකම් පා.ම මහින්ද අමරවීර මහතා පැවසීය. මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ …

Continue Reading

මා හොද නැතැයි කියා ගේන්න හදන විකල්පයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බලාපොරොත්තු වෙන්න එපා- ජනපති

තමන් හොඳ නැතැයි කියමින් තමන්ට විවේචනය කරමින් ජනාධිපති ලෙස පත් කිරීමට උත්සාහ කරන විකල්ප අයගෙන් මාධ්‍ය නිදහස බලාපොරොත්තු නොවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙය ජනාධිපතිවරණ වසරක් බවයි. මෑතක සිට මාධ්‍ය විසින් ඇතැම් පිරිස් තමන් විවේචනය කරමින් සිටින බව ද කී ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂක ලයිස්තු ගැන කතා බහක්ද …

Continue Reading