ගෝඨාභය නැති වුනාට ප්‍රශ්නයක් නැහැ; තව රාජපක්ෂවරු ඉන්නවා – පොහොට්ටුව කියයි

Spread the love

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විමට තවත් රාජපක්ෂවරුන් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් චන්ද්‍රෙස්න මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ලෙස මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සියලු දෙනාගේ කැමැත්ත මත මේ වන විට තරගයට ඉදිරිපත් වීමේ සියලු කටයුතු සුදානම් කර ඇතැයි ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ඝාතන මුල්කොට ගත් චෝදනා නිසා ගෝඨාභයට ඇති බය නිසා මෙවැනි දේ සිදු කරන බවත්, එක්සත් ජාතික පක්ෂයට අද වන විට අපේක්ෂකයා තෝරා ගැනීම පවා අසීරු වී ඇතැයි පැවසු චන්ද්‍රසේන මහතා, කුමන හේතුවක් නිසා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඉල්ලන වෙනත් රාජපක්ෂවරයෙක් ඉදිරිපත් කරනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ආශ්‍රිත පුවත්: Exclusive: ගෝඨාට එරෙහි මිනීමැරුම් නඩු අමෙරිකානු අධිකරණයේදී විවෘත වෙයි! ඝාතන චෝදනා 79 කින් සමන්විත සම්පූර්ණ නඩු වාර්තාව මෙන්න

RSL

Related Posts