ගෝඨාභයගේ සහචරයෙකු වූ අබ්දුල් රාසික් අත් අඩංගුවට නොගන්නේ ඇයි..? CID යට පැමිණිල්ලක්
තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් බුද්ධි අංශ අයුතු ලෙස යොදාගනිමින් මෙරට අන්තවාදී සංවිධාන නිර්මාණය කළ රාජපක්ෂවරුන්ගේ එක් සංවිධානයක් වන ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය ලේකම් ලෙස පෙනී සිටි වර්තමානයේ සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාසික් යන පුද්ගලයාට විරුද්ධව පෙරේදා(09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ල මගින් අපරාධ නීති …
Continue Reading
හිස්‌බුල්ලා ගෙදර යවන්න නැගෙනහිර හර්තාල්
ආණ්‌ඩුකාර ධුරයෙන් එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා ඉවත් කරන්නැයි ඉල්ලා ඊයේ (10) ත්‍රිකුණාමලය නගරයේ හා ඒ අවට උප නගර කිහිපයක දියත් කළ හර්තාලයක් හේතුවෙන් දෛනික ජන ජීවිතයට බාධා පැමිණුනි. හිස්‌බුල්ලා මහතා ජාතිවාදය ත්‍රස්‌තවාදය වපුරන බවට චෝදනා කරමින් මෙම හර්තාලය පැවැත්විණි. ත්‍රිකුණාමලය නගරයේ මෙන්ම කන්තලේ, සේරුනුවර හා තඹලගමුව යන උප නගර තුනේ ද කඩ සාප්පු වසා දමා තිබුණි. පෞද්ගලික බස් රථ …
Continue Reading
රටේ වත්මන් තත්ත්වයට දේශපාලනය හෝ ජාතිවාදය සම්බන්ධ කර ගන්න එපා
ත‍්‍රස්ත අභියෝගයෙන් රට නිදහස් කර ගනිමින් ජාතික සමගිය ගොඩනැඟීමේ කි‍්‍රයාදාමයේදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඇතැමුන් කරන ප‍්‍රකාශ බාධාවක් වී ඇති බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ් සමස්ත ලංකා ජම්මියතුල් උලමාවරුන්ගේ සංවිධානය ඇතුළු මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ පෙරේදා (08 දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය. මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අද දවසේ රටට ආදරය කරන …
Continue Reading
සෞදියට පැන්න තව්හිද් නායකයන් 4 න් 3 ක් මරාගෙන මැරෙන ත්‍රස්තයින්
පසුගිය පාස්කු ඉරිදා එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සෞදියට පැන ගිය සිව් දෙනාගෙන් තිදෙනකුම මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කිරීම සඳහා පුහුණුව ලැබූ ත‍්‍රස්තවාදීන් බව බව විමර්ශනවලින් හෙළිවී තිබේ. මඩකලපුව සහ අම්පාර ප‍්‍රදේශවල පදිංචි මෙම ත‍්‍රස්තවාදීන් සිව්දෙනා තවුහිද් ජමාත් සංවිධානයේ හිටපු නායක මොහොමඞ් සහරාන් සමග ඉතා සමීපව කටයුතු කළ අය බවද බුද්ධි අංශ ආරංචි මාර්ග පවසයි. මෙම ත‍්‍රස්තවාදීන්ගෙන් තිදෙනකු …
Continue Reading
මේ රටේ සංස්කෘතිය සිංහලයින් මූලිකත්වයෙන් හැදුන සංස්කෘතියක්.. අරාබි සංස්කෘතියක් මෙහෙට අවශ්‍ය නැහැ
මේ රට සිංහල-බෞද්ධ සංස්කෘතියේ ආභාෂය ලබමින් ගොඩනැගුනු, පෝෂණය වුණු රටක් බවත්, මේ රටට අරාබිය හෝ වෙනත් පිටසක්වලක සංස්කෘතියක් අනවශ්‍ය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ, ඊයේ පරිවර්ථන කේන්ද්‍රයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා, …
Continue Reading
නීතියට අවනත නොවූ මුස්ලිම් ගුරුවරුන්ට මාරුවක්
ඉකුත් පාස්කු දින එල්ල වූ ප‍්‍රහාරයෙන් පසු පාසල් දෙවෙනි වාරය සඳහා ආරම්භ වූ ඉකුත් 6 වෙනිදා අවිස්සාවේල්ල, පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයට අනියුක්තව සිටි මුස්ලිම් ජාතික ගුරුවරියන් 12 දෙනෙකු සම්පූර්ණයෙන්ම ශරීරය වැසෙනසේ ඇඳුමින් සැරසී පැමිණ ඇත. ආරක්ෂක තත්ත්වය මත ඇඳ පැමිණීමෙන් වලකින ලෙස අදාළ ගුරුවරුන්ගෙන් ඉල්ලා තිබේ. එහෙත් එම ඉල්ලීම අදාළ ගුරුවරුන් විසින් ප්‍රතික්ශේප කර ඇති බව වාර්තා වෙයි. පසුව ඉකුත් …
Continue Reading
විදුලිබල ක්ෂේත්‍රය සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මාලදිවයිනේ සහාය
ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන වර්තමාන අර්බුධකාරී වාතාවරණය හමුවේ මෙරට ජනතාව පත්ව ඇති ශෝකජනක තත්ත්වය පිළිබදව සිය රජයේ කණගාටුව ප්‍රකාශ කරන බවත්, මෙරට ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් තම රටේ පූර්ණ සහයෝගය දැක්වීමට මාලදියවයින් රජය වෙනුවෙන් තමා කැමැත්ත පල කරන බවත් මාලදිවයින් රජයේ තානාපති Omar Abdul Razzak මහතා පවසයි. ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය, විදුලිබල ක්ෂේත්‍රය මෙන්ම බලශක්ති අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම පිණිස, පසුගියදා …
Continue Reading
හිස්බුල්ලාගේ මඩකලපු විශ්වවිද්‍යාලය පෞද්ගලික සරසවියක් ලෙස පවත්වාගෙන යන්න ඉඩදෙන්න ජනපති සැරසෙයි!
මඩකලපුවේ ආරම්භ කළ විශ්වවිද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වාගෙන යෑමට අපේක්‍ෂා කරන බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (08) පැවැසීය. එසේම එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක්ද ගනු ලබන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බැව් පැවසුවේ ඊයේ කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමිනි. කෙසේ වෙතත් …
Continue Reading
අමෙරිකාව එළිපිටම ගෝඨාභය ඉල්ලයි! දිය යටින් ගින්දර ගෙන යන මෙහෙයුමක්!
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මහතා මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රොබට් ඕ බ්ලේක් …
Continue Reading
සැකකරුවන්ට ඇප ලැබීම පිටුපස සැකයක්! පොලිසියෙන්ම විමර්ශනයක්
රිමාන්ඩ් භාරයට පත් කර සිටි වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සැකකරුවන් නව දෙනා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිව අතර මේ නිසාම පොලීසිය විසින් යම් දෝෂයක් සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. අද(08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.
Continue Reading