මේ රටේ සංස්කෘතිය සිංහලයින් මූලිකත්වයෙන් හැදුන සංස්කෘතියක්.. අරාබි සංස්කෘතියක් මෙහෙට අවශ්‍ය නැහැ

Spread the love

මේ රට සිංහල-බෞද්ධ සංස්කෘතියේ ආභාෂය ලබමින් ගොඩනැගුනු, පෝෂණය වුණු රටක් බවත්, මේ රටට අරාබිය හෝ වෙනත් පිටසක්වලක සංස්කෘතියක් අනවශ්‍ය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ, ඊයේ පරිවර්ථන කේන්ද්‍රයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා,

“දැන් අද දේශපාලනයට එහා ගිය සියලු ජාතීන්ට, සියලු ආගමිකයින්ට එකට ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම සඳහායි ප්‍රමුඛත්වය දිය යුත්තේ. ජාතීන් අතර තිබෙන විශ්වාසය නැති වෙනවා නම්, ආගම් අතර බේද ඇතිවෙනවා නම් අප සියලු දෙනා ඉදිරියට පැමිණ ඒ ප්‍රශ්නය විසඳා ගත යුතුයි. ලෝකයේ යම් රටක 50% ක් ඉක්ම වූ ජාතියක් සිටිනවා නම්, ඔවුන් ක්‍රිස්තියානි නම්, ඔවුන් මුස්ලිම් නම්, ඔවුන් බෞද්ධ නම් ඒ අනුව ඒ රට ක්‍රිස්තියානි රටක්, මුස්ලිම් රටක්, බෞද්ධ රටක් ලෙස හඳුන්වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක්.

ඒ අනුව ගත්තාම ශ්‍රී ලංකාව වසර දහස් ගණනක ඉතිහාසයක් තිබෙන සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබෙන සිංහල බෞද්ධ රටක්. ඒ සංස්කෘතිය තුළ හින්දු ආභාෂය තිබෙනවා. සමහර තැන්වල ඉස්ලාම් ආභාෂය තිබෙනවා. නැගෙනහිර ප්‍රදේශයට ගියොත් ඒ සංස්කෘතික ආභාෂය පෙනෙනවා. ඒ සංස්කෘතික ආභාෂයට අපි ගරු කරනවා. හැබැයි අපේ නොවන අරාබිය වැනි පිටරටකින් පැමිණ මෙහෙ පැලකරන්න යන සංස්කෘතිකයට අපි කවුරුත් කැමති නැහැ. අපිට ඒකට ඉඩ දෙන්නත් බැහැ. ඔවුන්ට ආගම ඇඳහීමට අයිතිය අපි ගරු කරනවා.

හැබැයි ඒක මේ රටේ සංස්කෘතිය ඇතුලේ ඉදන් සිදුවිය යුත්තක්. එහෙම නැතිව පිටරටකින්, පිට සක්වලකින් ගෙනාපු සංස්කෘතියක් මේ රටට ඔබ්බවන්න යනවා නම් අපි කවුරුත් ඒකට ඉඩ දෙන්න කැමති නැහැ. එහෙම වුනොත් වෙන්නේ එකිනෙකා අතර ගැටුම් ඇති වීමට යෑම. එම නිසා අපි සෑම දෙනාම සිහි තබා ගත යුතුයි මේ රටේ තිබෙන ඒ සිංහල සංස්කෘතියට ගරු කරමින් ජීවත් වීමට. එය තමා සිදුවිය යුත්තේ”.

RSL

Related Posts