හර්ෂගේ හදිසිය!

හර්ෂ ද සිල්වා යනු ආර්ථික විශේෂඥයෙක් යැ යි හඳුන්වනවා අසන්නට ලැබේ. හර්ෂලා විපක්ෂයේ ඉන්නා කාලයේ හිටියේ පුදුමාකාර ආර්ථික ඇම්මකිනි. ඇමති පට්ටමක් හම්බු වී ආණ්ඩු පක්ෂයට වූ දා සිට නැතිව තිබුණු හර්ෂගේ සද්දය ඇසුණේ ඊයේ ය. ලෝක බැංකු ප්ලග් ගැන විමල් වීරවංශලාට කෝචොක් කරපු හර්ෂලාට ආර්ථිකයට මේං කියා කිසි ම දෙයක් කොරන්නට නොහැකි වූ අතර ඉතිහාසයේ අඩුම මිලට ලෝක වෙළඳපලේ තෙල් …

Continue Reading

රිය අනතුර ගැන පාඨලීගෙන් ප්‍රශ්න කරයි?

පසුගිය දා රාජගිරිය සරණ මාවත අසල දී, 24 හැවිරිදි තරුණයෙකුට බරපතල තුවාල සිදු වුණු රිය අනතුර සම්බන්ධයෙන් ඇමැති පාඨලී චම්පික රණවකගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාවේ රථය පදවාගෙන ආවේ අමාත්‍යවරයා ම ය යනුවෙන් නැගෙන චෝදනාව නිසා මෙලෙස ප්‍රශ්න කරන්නට යන බව සැලයි. සාමාන්‍යයෙන් මෙරට පවතින කුප්‍රකට සම්ප්‍රදායක් වන්නේ, යම් වරදක් සිදු කළ තැනැත්තා වෙනුවට වෙන අයෙකු …

Continue Reading

යකාගෙ හැටියට විමානෙ!

කුලියාපිටියේ සිද්ධිය ගැන අප මුලින් ම ලියා තැබුවෙමු. විලාසිතාවට දේවල් ලියන්නට අපට වුවමනාවක් ඇත්තේ නැත. ඒත් අකිල විරාජ් කාරියවසම් නමැති සමකාලීන දේශපාලනඥයා ගැන යමක් ලියා තැබිය යුතු ය. රටක අධ්‍යාපන විෂය භාර ඇමැතිවරුන් අතර මෙතරම් මරි මෝඩ අදහස් පළ කිරීමක් කළ ඇමැතියෙක් සිටියා නම් ඒ අකිල පමණක් විය යුතු ය. ඒඩ්ස් නම් රෝගය බෝවන ආකාර ගැන බොහෝ කතා කර ඇති …

Continue Reading

ලැසිල් ඉවත් කළේ බැසිල් නිසා ද? ඇමැති බානකගේ බලපෑමකට ද?

බරපතළ දූෂණ සහ වංචා සෙවීම පිළිබඳ ජනාධිපති කොමිසමේ ලේකම්වරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් මතයන් දෙකක් පැතිර යමින් තිබේ. බේරුම්කරණ මධ්‍යස්ථානයක් වෙනුවෙන් මිලියන ගණනක් ගසා කෑවෙකු සහ රටේ සහල් අතිරික්තයක් තිබිය දී පිටරටින් සහල මෙට්‍රික් ටොන් දහස් ගණනක් ගෙන් වූ අයෙකු මේ සඳහා මැදිහත්ව ඇත්තේ ඔවුනට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිලි විභාග කිරීමට කිරීමට සූදානම් වූ නිසා ඔවුන්ගේ බලපෑම මත කොමිසමේ ලේකම් ලැසිල් …

Continue Reading

ඇමැති දුමින්ද සබීතාගේ සැමියාට කරුණාව පායි!

සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල් ලක්ෂ 210ක කුළියට ලබා ගෙන ඇති බව වාර්තා වෙයි. මාධ්‍ය මගින් මෙම කරුණ මතු කරනු ලැබුව ද කැබිනට් අනුමැතිය ඒ වෙත ලැබී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. පළමුව මෙම මුදලට මේ ගොඩනැගිල්ල කුළියට ලබා ගැනීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ කෘෂිකර්ම ඇමැතිවරයා වන අතර …

Continue Reading

ඩයිනෝසරයෝ තව ම ජීවතුන් අතර ද?

ඩයිනසෝරයන් මුළුමනින් ම මිහිතලයෙන් වඳවී යන ලද බවට සැලකෙන්නේ අදින් වසර මිලියන හැට හයකට පෙර යි. අභ්‍යාකාශය ගෙන ආ විනාශයක්, එනම් ධූමකේතුවක් හෝ උල්කාපාතයක් පෘථිවිය සමග ගැටීම නිසා ඇතිවූ ව්‍යසනකාරී දේශගුණික ආපදා මාලාව මේ දැවන්තයින්ගේ සමුගැන්මට වගකියන්නට ඇති බව ප්‍රචලිත මතය යි. එදා ඩයිනසෝරයන්ට මරු කැඳවමින් පෘථිවියට වූ තුවාලය යැයි සැලකෙන ආවාටයක් මෙක්සිකෝවේ “චීක්සලූබ්” හි තිබෙනවා. පරමාණු බෝම්බ ලක්‍ෂගණනක ප්‍රබලතාවක් …

Continue Reading

මහනුවර ත්‍රිත්ව/ කුරුණෑගල සහිරා විද්‍යාලයන්ට ප්‍රණාමය පළ කරමු!

පසුගිය දිනවල ලංකාව පුරා පමණක් නොව, ලෝකය පුරාමත් කුප්‍රකටව මෙරටට අපකීර්තියක් ගෙන ආ සිදුවීමක් වූයේ කුලියාපිටිය ප්‍රදේශයේ කුඩා දරුවෙකුට වුණු අසාධාරණය යි. අපිදු පෙර අප අඩවියේ ම සටහන් කළ පරිදි, ශිෂ්ටාචාරකරණය නොවූ අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහ කුලියාපිටිය ප්‍රදේශයේ නූගත් දෙමව්පියන් රොත්තක් විසින් ඒඩ්ස් රෝගය ඇතැයි ප්‍රචාරය කරමින් දරුවෙක්ට ඉගනගන්නට ප්‍රදේශයේ කිසිදු පාසලක් අහිමි කරනු ලැබූහ. බලධාරීන් කරන ලද ඉල්ලීම්, පැහැදිලි …

Continue Reading

සතිඅග සළරුව – Brooklyn (2015)

ඇමෙරිකා එක්සත් ජනපදය, සිහින දකින්නන්ගේ සිහින සැබෑවන දේශයයි. තම තමන්ගේ සිහින ලුහුබැඳ ලෝකයේ නොයෙක් තැනින් ආ ජනයා එක්ව ගොඩනගා ගත් ජාතිය ඇමෙරිකානු ජාතියයි. බෘෘක්ලින් චිත්‍රපටය තම සිහින ලුහුබැඳ ඇමෙරිකාවට ආ අයර්ලාන්තික තරුණියක් ගැන කථාවක්. “ගෙදර” ඒ වචනයට ඈ නව අර්ථකථනයක් ලබනවා. බෘෘක්ලීන් ප්‍රදේශය නිව් යෝර්ක් හි වැඩිම ජන සංයුතියක් සහිත ප්‍රදේශයයි. ශතවර්ෂ දෙකකට ආසන්න කාලයක් තිස්සේ සංක්‍රමණය වූ අයර්ලාන්තිකයන්, ඉතාලියානුවන්, …

Continue Reading

පාතාලයෝ ඝාතනයට උත්සාහ දරන්නේ කවුද?

මෑත කාලයේ දී දිගින් දිගට ම පාතාල සාමාජිකයන් යනුවෙන් හැඳින්වෙන කුලීඝාතකයින් සහ මැරවරයින් ඝාතනයකිරීම් සහ ඝාතනය කරන්නට උත්සාහ දැරීම් කිහිපයක් ම වාර්තා විය. මුලින් දකුණු පළාතෙන් ඇරඹුණු මේ රැල්ල මේ වන විට අගනගරය කරා සේන්දු වී ඇත. දෙමටගොඩ චමින්ද නමැති සැකකරුට වෙඩි තබා මරා දමන්නට දැරූ උත්සාහය මෙහි ආසන්න ම සිදුවීම යි. කුලීඝාතකයන් මරා දැමීම යනු සමාජය ඉදිරියේ සාධාරණීකරණය කිරීමට …

Continue Reading

එමිල්කාන්තන්ට වරෙන්තු!

පසුගිය දිනවල සමාජජාල මෙහෙයුමක් දියත් ව තිබුණේ යහපාලන ආණ්ඩුව මගින් විදෙස්ගත කොටි නායකයෙක් වන එමිල් කාන්තන්ගේ වරෙන්තු ඉවත් කර ඇතැ යි කියා ය. නමුත් සිදුව තිබුණේ, එමිල්කාන්තන් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිවේදීන් කියා සිටි නිසා ඔහු අත් අඩංගුවට ගන්නා මෙන් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දෙමින් කලින් නිකුත් කර තිබුණ වරෙන්තුව සහ රතු නිවේදනය ඉවත් කර ගැනීම යි. කෙසේ වෙතත් …

Continue Reading