ඇමැති දුමින්ද සබීතාගේ සැමියාට කරුණාව පායි!

Spread the love

duminda d

සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යෑම සඳහා මසකට රුපියල් ලක්ෂ 210ක කුළියට ලබා ගෙන ඇති බව වාර්තා වෙයි. මාධ්‍ය මගින් මෙම කරුණ මතු කරනු ලැබුව ද කැබිනට් අනුමැතිය ඒ වෙත ලැබී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පළමුව මෙම මුදලට මේ ගොඩනැගිල්ල කුළියට ලබා ගැනීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේ කෘෂිකර්ම ඇමැතිවරයා වන අතර එය සලකා බැලීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කෙරුණි. එහි තීරණය කුමක් දැ යි වාර්තා නොවුණත් මෙවර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනු යි. වර්තමානයේ අමාත්‍යංශයක් පවත්වාගෙන යෑමට ගොඩනැගිල්ලකට ගෙවන වැඩි ම මුදල මේ රුපියල් දෙකෝටියකට වඩා මුදල බව වැඩිදුරටත් වාර්තා වෙයි.

RSL

Related Posts