හර්ෂගේ හදිසිය!

Spread the love

harsha

හර්ෂ ද සිල්වා යනු ආර්ථික විශේෂඥයෙක් යැ යි හඳුන්වනවා අසන්නට ලැබේ. හර්ෂලා විපක්ෂයේ ඉන්නා කාලයේ හිටියේ පුදුමාකාර ආර්ථික ඇම්මකිනි. ඇමති පට්ටමක් හම්බු වී ආණ්ඩු පක්ෂයට වූ දා සිට නැතිව තිබුණු හර්ෂගේ සද්දය ඇසුණේ ඊයේ ය. ලෝක බැංකු ප්ලග් ගැන විමල් වීරවංශලාට කෝචොක් කරපු හර්ෂලාට ආර්ථිකයට මේං කියා කිසි ම දෙයක් කොරන්නට නොහැකි වූ අතර ඉතිහාසයේ අඩුම මිලට ලෝක වෙළඳපලේ තෙල් මිල තියෙද්දී වුව ද තෙල් මිල රුපියලකින්වත් අඩු කර දෙන්නට හැකි වූයේ නැත.

නිදහස් චතුරස්‍රයේ දී පෙම්වතුන්ට සංස්කෘතික පොලිස් පාට් දැමූ ආරක්ෂකයින්ව ප්‍රශ්න කරන්නට හර්ෂ තකහනියක් ම එහි ගොස් ඒ දෙදෙනාගේ වැඩ තහනම් කළේ ය. මේ ආරක්ෂකයන්ගේ ගොන් පාට් වෙන ම කතා කළ යුතු වුව ද හර්ෂගේ ගොන් පාට් අද ම කතා කළ යුතු ය. මන්ද යත් මෙවැනි කටයුත්තකට පෞද්ගලික ව මැදිහත් වීම ඇමැතියෙක්ගේ කාර්යභාරය වන්නේ නම් මුළු කැබිනට් මණ්ඩලයට ම එක ඇමැතියෙක් ඇති ය. අපි ඒ සඳහා රන්ජන් රාමනායක යෝජනා කරමු.

RSL

Related Posts