පාතාලය නීත්‍යානුකූලව මර්ධනය කරන්න – ජනපති

Spread the love

President Maithripala Sirisena

”අපරාධකරුවන්ට සමාජයේ යහපැවැත්ම සඳහා අවහිර කරන්න අපි රජයක් වශයෙන් ඉඩ තබන්නේ නැහැ කියන ඒක පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනි” යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේ දී පැවති උත්සව සභාවක් අමතමිනු යි.

පාතාලය නීත්‍යානුකූල ව මර්ධනය කරනවා යන්න කී විට නීත්‍යානුකූල නොවන මර්ධනත් තිබෙනවා ද යන්න ප්‍රශ්නයක් ලෙස එයි. ඔව් එහෙම ඒවා ඇත. පසුගිය රජය සමයේ පාතාලය මර්ධනය කරනු ලැබුවේ පාතාල ක්‍රමයකට ය. එසේ පාතාලය මර්ධනය කළ පොලිස් නිලධාරීන් සමහරෙක් ද පාතලයෝ ලෙස ඝාතන කරමින් කප්පම් ගන්න ගොස් හිරේ විලංගුවේ වැටී සිටිත්.

නීතිය ඉදිරියේ වැරදිකරුවෙක් වන තුරු සියල්ලෝ ම නීතිය ඉදිරියේ සමාන වන අතර පාතාලයන් කියා වෙනසක් නැත. ඔවුන් ද සැකකරුවන් පමණි. මේ සැකකරුවන් ඝාතනයට උත්සාහ දැරීම් ගණනාවක් පසුගිය කාලයේ සිදුවුණු සන්දර්භයක දී ජනපතිවරයාගේ මේ ප්‍රකාශය වැදගත්කමක් දරයි. නීත්‍යානුකූල මර්ධනය යනු පාරතොටවල සුදු වෑන්වලින් උස්සා ගෙන ගොස් මරා දැමීම නොවේ.

RSL

Related Posts