රිය අනතුර ගැන පාඨලීගෙන් ප්‍රශ්න කරයි?

Spread the love

minister-patali-champika

පසුගිය දා රාජගිරිය සරණ මාවත අසල දී, 24 හැවිරිදි තරුණයෙකුට බරපතල තුවාල සිදු වුණු රිය අනතුර සම්බන්ධයෙන් ඇමැති පාඨලී චම්පික රණවකගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි. එම අවස්ථාවේ රථය පදවාගෙන ආවේ අමාත්‍යවරයා ම ය යනුවෙන් නැගෙන චෝදනාව නිසා මෙලෙස ප්‍රශ්න කරන්නට යන බව සැලයි.

සාමාන්‍යයෙන් මෙරට පවතින කුප්‍රකට සම්ප්‍රදායක් වන්නේ, යම් වරදක් සිදු කළ තැනැත්තා වෙනුවට වෙන අයෙකු ඉදිරිපත් වී වරද බාරගෙන නීතිය ඉදිරියට යාම යි. හොර සුරා වැටලීම්වල දී බොහෝ විට සිදුවන්නේ මෙය යි. චෝදනා නගන පාර්ශ්වය පවසන්නේ ඇමැතිවරයා ඒ අවස්ථාවේ රිය පැදවූවත්, සිදුවීමෙන් පසුව තම රියදුරා නීතිය හමුවට ඉදිරිපත් කර ඇති බව යි.

හදිසි අනතුරෙන් පසුව, තුවාලකරු දැඩි සත්කාර ඒකකයේ සිටිය දී රියදුරු ඉක්මනින් ඇප ලබා පැමිණීම සාමාන්‍යයෙන් සිදුවන්නක් නොවේ. මෙහි එවැන්නක් සිදු වුණු අතර තම නිරවද්‍යභාවය මෙයට වඩා විශ්වාසනීය ලෙස ඔප්පු කිරීම ඇමැතිවරයාගේ වගකීම ය.

RSL

Related Posts