යකාගෙ හැටියට විමානෙ!

Spread the love

Akila 2

කුලියාපිටියේ සිද්ධිය ගැන අප මුලින් ම ලියා තැබුවෙමු. විලාසිතාවට දේවල් ලියන්නට අපට වුවමනාවක් ඇත්තේ නැත. ඒත් අකිල විරාජ් කාරියවසම් නමැති සමකාලීන දේශපාලනඥයා ගැන යමක් ලියා තැබිය යුතු ය.

රටක අධ්‍යාපන විෂය භාර ඇමැතිවරුන් අතර මෙතරම් මරි මෝඩ අදහස් පළ කිරීමක් කළ ඇමැතියෙක් සිටියා නම් ඒ අකිල පමණක් විය යුතු ය.

ඒඩ්ස් නම් රෝගය බෝවන ආකාර ගැන බොහෝ කතා කර ඇති වුවත් රටක අධ්‍යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්නා පුද්ගලයා සිතන්නේ මවු ඇකයේ සිටීමෙන් ඒඩ්ස් බෝ වෙන බව ය. මෙතරම් මුග්ධත්වයක් පෙන්නුම් කිරීම පමණක් නොවේ විස්මය වන්නේ, එය රටක් ඉදිරියේ ප්‍රකාශ කිරීම ය.

ඒඩ්ස් රෝගීන් යනු මෙලෙස කොන් කර ඈත් කර දැමිය යුතු පිරිසක් නොවේ. මන්දයත් මෙසේ එකී රෝගීන්ට අනෙක් මිනිසුන් විසින් සලකන ආකාරය මෙලෙස නම් එම රෝගය ඇති අය තව තවත් සැඟවී සිටීමට බල කෙරෙනු ඇති බැවිනි. එය විසින් තවදුරටත් ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගය පැතිරවීම සීඝ්‍ර කරනු ඇති.

රටේ වගකිවයුතු ඇමැතිවරයෙක් ලෙස මොහුගේ හැසිරීම හෙළා දැක, මොහු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම අගමැතිවරයාගේ නම්බුවට හොඳ ය.

RSL

Related Posts