පාතාලයෝ ඝාතනයට උත්සාහ දරන්නේ කවුද?

Spread the love

gun

මෑත කාලයේ දී දිගින් දිගට ම පාතාල සාමාජිකයන් යනුවෙන් හැඳින්වෙන කුලීඝාතකයින් සහ මැරවරයින් ඝාතනයකිරීම් සහ ඝාතනය කරන්නට උත්සාහ දැරීම් කිහිපයක් ම වාර්තා විය. මුලින් දකුණු පළාතෙන් ඇරඹුණු මේ රැල්ල මේ වන විට අගනගරය කරා සේන්දු වී ඇත. දෙමටගොඩ චමින්ද නමැති සැකකරුට වෙඩි තබා මරා දමන්නට දැරූ උත්සාහය මෙහි ආසන්න ම සිදුවීම යි.

කුලීඝාතකයන් මරා දැමීම යනු සමාජය ඉදිරියේ සාධාරණීකරණය කිරීමට පහසු දෙයක් වුවත්, එයින් සිදුවන්නේ ඔවුන් මැදිහත් වී තම ස්වාමීන් වෙනුවෙන් කරන ලද බරපතළ අපරාධ සහමුලින් ම වැළලී යාම යි. අධිකරණ ඇමැතිවරයා ද මේ පාතාල ඝාතන සාධාරණීකරණය කරන ස්ථාවරයක සිටින බව පෙනේ. එය නම් මහත් බරපතල තත්ත්වයකි.

කෙසේ වුවත්, මේ සිදුවෙන ඝාතන තැත්දැරීම් පිටුපස සිය අපරාධ වසං කිරීමට උත්සාහ දරන දේශපාලකයින් සිටිනු ඇතැයි මතුවෙන සාධාරණ සැකය සුළුවෙන් බැහැර කළ හැක්කක් නොවේ. පසුගිය රජය සමයේ වැලිකඩ සිරගෙදර දී සිදු වූ ඝාතන සැකකරුවන් ඝාතනය තුළින් ද බොහෝ අපරාධ තොරතුරු වැළලී ගිය බව ඒ පිළිබඳ තොරතුරු දන්නා අයගේ මතය යි.

මේ තත්වය ගැන වගකිවයුතු අංශ තම දැඩි අවධානය යොමු කළ යුතු ය.

RSL

Related Posts