පසුගිය දිනවල සමාජජාල මෙහෙයුමක් දියත් ව තිබුණේ යහපාලන ආණ්ඩුව මගින් විදෙස්ගත කොටි නායකයෙක් වන එමිල් කාන්තන්ගේ වරෙන්තු ඉවත් කර ඇතැ යි කියා ය.
නමුත් සිදුව තිබුණේ, එමිල්කාන්තන් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිවේදීන් කියා සිටි නිසා ඔහු අත් අඩංගුවට ගන්නා මෙන් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දෙමින් කලින් නිකුත් කර තිබුණ වරෙන්තුව සහ රතු නිවේදනය ඉවත් කර ගැනීම යි.
කෙසේ වෙතත් සැලකිය යුතු කාලයක් තිබියදීත් සැකකරු භාර නොවීම නිසා නැවත වරෙන්තු නිකුත් කර ඇති බව සැලයි.
කළුතර බන්ධනාගාරය තුළ සිටිමින් හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා ඝාතනය කිරීමට කුමන්ත්‍රණ කරන ලද බවට ඔහු ඇතුළු කිහිපදෙනෙක්ට චෝදනා එල්ල වී ඇත.
පසුගිය කාලයේ නාමල් රාජපක්ෂ මූලිකව රාජපක්ෂවරුන් විසින් එමිල්කාන්තන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට ඡායාරූප සහිතව විස්තර මාධ්‍යවල පළ විය.
Loading...