හරීන්ගේ ගූගල් බැලූන් ප්‍රෝඩාවක්!
ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය කාලයේ බොහෝ කතා පවත්වනු ලැබුවේ ගූගල් ලූන් බැලූන් ව්‍යාපෘතිය ගැනය. එය ඔහු විසින් ගූගල් බැලුමටත් වඩා පුම්බන ලද ලොකු කතාවක් බව හෙළිදරව් වෙයි. ගූගල් සමාගම විසින් ගුවන්ගත කරන එම බැලූන මගින් මුළු රට ම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් දෙනවා මෙන් කතා කළත් ඒ එක් බැලූනයකින් අන්තර්ජාල පහසුකම් ලබාගත හැක්කේ 400ක් පමණක් බවත් …
Continue Reading
ශිරන්තිගේ මාල!
මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි හරහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ විවිධ සේයාරූ ඇතුලත් ඡායාරූපයක් ප්‍රචාරය වෙයි. එහි දැක්වෙන්නේ, ඇය අවස්ථා තිස් ගණනක දී පැළඳ සිටින මාල ගැන සටහනකි. එහි දැක්වෙන පරිදි එක් අවස්ථාවකට ඇය එක් රන් මාලයක් පැළඳ සිටින බව පෙනේ. ඒවා ඉතා මිල අධික බව බැලූ බැල්මට පෙනේ. එම වෙබ් අඩවි හරහා ප්‍රශ්න කර ඇත්තේ, මෙතරම් මාල …
Continue Reading
මහින්ද කළ පෙර පව් යළි මහින්ද වෙත කැරකෙන ලකුණු
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සෘජුවම සම්බන්ධකම් කියන ‘හෙල්පින් හම්බන්තොට’ දැවැන්ත මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අගවිනිසුරුවරුන් වන සරත් එන් සිල්වා, මොහාන් පීරිස් මහත්වරුන් ඇතුළු අගවිනිසුරුවරුන් කිහිප දෙනෙකු සහ නීතිඥවරුන් සිදු කළ බව කියන වංචා සහ දූෂණ …
Continue Reading
රට නැවතත් අඳුරට!
විදුලිබල අර්බුදය වඩාත් උග්‍ර අතට හැරී ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ඊයේ වනවිට කැළණිතිස්ස බලාගාරයට අයත් තවත් ඩීසල් විදුලි ජනකයක් අක්‍රිය වී ඇත. ඒ මගින් ජාතික විදුලිබල පද්ධතියට ලැබුණු මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් අහිමි වී ඇති බව දැනගන්නට ඇත. මේ තත්වය මත ඉදිරියේ දී නැවත දවසට පැය 3 බැගින් විදුලි අත්හිටුවීම්වලට මුහුණ දෙන්නට ජනතාවට සිදුවනු ඇත. ජාතික …
Continue Reading
ඛනිජ තෙල් සංස්ථාවේ අමුතු සෙල්ලමක්!
ඛනිජ තෙල් සංස්ථාවේ මේ දිනවල අමුතු ආකාරයක සෙල්ලමක් ක්‍රියාත්මක වෙමින් යන බව වාර්තා වෙයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම නමැති කඩතුරාවට මුවා වී ආයතන සංග්‍රහය සහ චක්‍රලේඛ සියල්ල උල්ලංඝනය කරමින් ඥාති/ හිතවත් සහ පාක්ෂික සංග්‍රහය උපරිම අන්දමින් ක්‍රියාත්මක වෙමින් යන බව අප පුවත් අංශයට වාර්තා වෙයි. වත්මන් කථානායක කරු ජයසූරියගේ හිටපු ලේකම්වරියක් බව කියන උදයවානි පෙරේරා යන අය ඛනිජ තෙල් …
Continue Reading
පාර්ලිමේන්තුවට අවුරුදු ඩීල්කාරයන්ගේ සල්ලිවලින් ද?
එළැඹෙන මෙරට ප්‍රධාන සංස්කෘතික උත්සවයක් වන සිංහල – හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අවුරුදු උත්සවයක් සංවිධානය කරන්නට යන බව රීඩ් ශ්‍රී ලංකා පුවත් අංශය වෙත වාර්තා වෙයි. මේ අවුරුදු උත්සවයේ සංවිධාන කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල විසින් සිදුකරන බවත් රුපියල් මිලියන 10ක එනම් රුපියල් කෝටියකට ආසන්න මුදලක් මේ සඳහා ඇස්තමේන්තු කර ඇති බවත් දැනගන්නට ඇත. මෙහි ඇති නරක ම තත්වය …
Continue Reading
රාජිත ජනපතිටත් ඉහළින්!
. යහපාලන ආණ්ඩුව නමින් හැඳින්වෙන සම්මුතිවාදී ආණ්ඩුවේ මහින්ද ක්‍රමයට වැඩ කරන්නට තතනන දෙතුන් කට්ටුවක් සිටිති. ඇමැති අර්ජුන ප්‍රමුඛ නඩය සහ රාජිත සේනාරත්න ප්‍රමුඛ නඩය ඒ අතරින් ඉදිරියෙන් ම සිටිති. මේ කියන්නට යන්නේ, ඇමැති රාජිත ගැන කතාවකි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ආමාත්‍ය ධුරය දරන රාජිත සේනාරත්නගේ ක්‍රියා කලාපය ඉතා ම අත්තනෝමතික බව බොහෝ දෙනා දන්නා කරුණකි. මාලබේ ඊනියා වෛද විද්‍යාලය සම්බන්ධව …
Continue Reading
සතිඅග සලරුව – The Passion of the Christ (2004)
“මේ චිත්‍රපටය ප්‍රේමය, බලාපොත්තුව, භක්තිය හා දයාව ගැනයි. උන්වහන්සේ මුලු මහත් මනුෂ්‍යවර්ගයා වෙනුවෙන්ම දුක් වින්දා. ඒ මුල්ම පණිවිඩය වෙත ආපසු යන්න කාලයයි මේ. ලෝකය විපරීත වෙලා. ප්‍රේමයෙන්, බලාපොරාත්තුවෙන්, භක්තියෙන්, දයාවෙන් ටික ටික දැන් අපට ඕනෑ වෙලා“ යේසුස් ක්‍රිස්තූන් ගේ දුක්ප්‍රාප්තිය, ද පැෂන් ඔෆ් ක්‍රයිස්ට් නමින් සිනමාවට නගන්නට පෙර, එහි අධ්‍යක්‍ෂ කීර්තිධර හොලිවුඩ් රංගන ශිල්පී මෙල් ගිබ්සන් එසේ කියා සිටියා. ද …
Continue Reading
යහපාලනය රජයේ සේවකයන්ගේ අවුරුද්ද කයි ද?
අපට වාර්තා වී ඇති පරිදි රාජ්‍ය ආයතන බොහෝමයක සිංහල-හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් සේවකයන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් ලබා නොදෙන්නට තීරණය කර ඇත. මෙකී බොහෝ ආයතන පාඩු පිට මහා භාණ්ඩාගාරයේ උදවුවෙන් පැවැත්ම සාදා ගන්නා ඒවා වුවත් බොහෝ දෙනා වසරකට වරක් සමරන මේ උත්සව අවස්ථාවේ දී අත්තිකාරම් ලබා දීමට මුදල් නිදහස් නොකිරීම ජනතා හිතැති රජයකට නම් තරම් නොවන්නකි. මෙරට වැදගත් ම …
Continue Reading
සෝභිත හිමි ගැන ප්‍රකාශයට උඩුවේ හිමිට වැඩ වරදින ලකුණු!
අපවත් වී වදාළ කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියන් ඝාතනය කරන ලදැ යි පොල්හේන්ගොඩ ඇලන්මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ වී ඇත. නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාට නියම කර ඇත්තේ, උඩුවේ හිමියන්ගෙන් කටඋත්තරයක් ගෙන ඒ පිළිබඳ පරික්ෂණ ආරම්භ කරන ලෙස ය. සෝභිත හිමියන්ගේ අපවත් වීමෙන් කලක් ගත වූ පසු හදිසියේ කරන …
Continue Reading