ඛනිජ තෙල් සංස්ථාවේ අමුතු සෙල්ලමක්!

Spread the love

ceypetco 2

ඛනිජ තෙල් සංස්ථාවේ මේ දිනවල අමුතු ආකාරයක සෙල්ලමක් ක්‍රියාත්මක වෙමින් යන බව වාර්තා වෙයි. දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීම නමැති කඩතුරාවට මුවා වී ආයතන සංග්‍රහය සහ චක්‍රලේඛ සියල්ල උල්ලංඝනය කරමින් ඥාති/ හිතවත් සහ පාක්ෂික සංග්‍රහය උපරිම අන්දමින් ක්‍රියාත්මක වෙමින් යන බව අප පුවත් අංශයට වාර්තා වෙයි.

වත්මන් කථානායක කරු ජයසූරියගේ හිටපු ලේකම්වරියක් බව කියන උදයවානි පෙරේරා යන අය ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කර වර්ෂ 2002 දී වන්දි ලබා ගෙන සේවයෙන් ඉවත් ව ඇති අතර 2016 දේශපාලන පළිගැනීම්වලට ලක් වුණු අයගේ ලැයිස්තුවේ ඇය ද වරදාන බලාරොපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත. තවත් එහි සේවය කරන ලද ඒ.එම්.ජේ මොරිස් යන කළමනාකාරවරෙයක් ද විශ්‍රාම ලබා පිටව ඇති අතර, දැන් දේශපාලන පළිගැනීම්වලට ලක් වුණු බව පවසා මිලියන ගණනක් වන්දි ලබා ගෙන ඇතැ යි අප ආරංචි මාර්ග හෙළි කරයි.

මෙවැනි කටයුතු තව බොහෝ ගණනක් මෙහි ඇති බව දැනගන්නට ඇත. ලෝක වෙළෙඳපොලේ ඉතා ම අඩුවට බොරතෙල් බැරලය තිබුණත්, මෙරට තෙල් මිල ශත පහකින්වත් අඩු නොකළ ආණ්ඩුව මෙවැනි ජරාජීර්ණ කටයුතුවලට ඉඩ දෙමින් යන්නේ නම් මෙය යහපාලනය නොව කළින් පාලනය ම වෙනත් නමකින් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

RSL

Related Posts