ජොගින් ට්‍රැක් සහ තාර පාරවල්!

Spread the love

Joggin

අර කඩලා දැම්මයි කියන මීටර් 450 ක ජොගින් ට්‍රැක්කෙකට කෝටි 8 ක් ගිහින්ලු නේ? වෙන්ඩත් ඇති ඉතින්. ඔය ජොගින් අනං මනං එව්වා හොඳ පොෂ් එකට හදන්ට වෙනවා ඇතිනේ. මං දන්නෑ ඕවා.

මේ පින්තූරේ අපි ගම්මු කට්ටිය එකතුවෙලා හදපු පාරක තාර දාන සීන්ස් එකක්. පලල අඩි අටයි. දුර දෛවෝපගත ලෙසම මීටර් 450 යි.

ගම්මුන්ගේ තරමක මහන්සියයි, අමතරව ගමෙන්ම එකතු කරගත්තු ලක්ස දෙකකුයි ඇරුනාම ආණ්ඩුවට ගිය වියදම ලක්ෂ 10 ක් විතරයි.

නොදන්න හින්දයි අහන්නේ. තාර පාරවල්වල ජොගින් මෙව්වා කරන්න බැරිද බං? පුළුවන්නම් අපරාදේ. ඔය සල්ලි අපිට දුන්නනම් බැසිල් මාත්තයට කිලෝමීටර් 30 ක විතර තාර ජොගින් ට්‍රැක් ගහලා දෙන්ට තිබ්බා. එච්චර ඕන්නෑ. කි.මී. 15 ක් හැදුවත්…

ඒ වුනාට තාර පාරවල්වල බැරුව ඇති නේද?

Charmi Sam

(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

RSL

Related Posts