යහපාලනය රජයේ සේවකයන්ගේ අවුරුද්ද කයි ද?

Spread the love

year

අපට වාර්තා වී ඇති පරිදි රාජ්‍ය ආයතන බොහෝමයක සිංහල-හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් සේවකයන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් ලබා නොදෙන්නට තීරණය කර ඇත. මෙකී බොහෝ ආයතන පාඩු පිට මහා භාණ්ඩාගාරයේ උදවුවෙන් පැවැත්ම සාදා ගන්නා ඒවා වුවත් බොහෝ දෙනා වසරකට වරක් සමරන මේ උත්සව අවස්ථාවේ දී අත්තිකාරම් ලබා දීමට මුදල් නිදහස් නොකිරීම ජනතා හිතැති රජයකට නම් තරම් නොවන්නකි.

මෙරට වැදගත් ම සංස්කෘතික අවස්ථාවක් ලෙස ජනතාව සලකනු ලබන සිංහල අවුරුද්ද සැමරීම මෙවර කොහොමත් අමාරු වී ඇත. බඩු මිල, තෙල් මිල අඩු වී ද නැත. රබර්, තේ ආදී අපනයන මිල ද අතිශය පහළට වැටී ඇත. මේ තත්වය මත රජය මෙවැනි ලෙස කටයුතු කරනවා නම් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව කිව යුතු ය.

සියලු ආයතනවල සේවකයන්ගේ උත්සව අත්තිකාරම් ගෙවීමට රජය වහා මැදිහත් විය යුතු ය.

RSL

Related Posts