ශ්‍රී ලංකන්ට වෙච්ච දේ ලං.වි.ම.ටත් වෙන හැඩ!
මහින්ද රාජපක්ෂ රෙජිමයේ ඥාති සංග්‍රහය මූලික කොටගෙන අතිශය ණය බරක් බවට පත් වුණු ශ්‍රී ලංකන් එයාර් ආයතනය පෞද්ගලික අංශය සමඟ එක් කරන්නට රජයට සිදු වුණු අතර මේ තරම් ම ණය බරක් ඇති තවත් ආයතනයක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය හඳුනාගත හැක. දේශපාලන හෙංචයියන් බුරුතු පිටින් පුරවා දැමූ මේ ආයතනය රටට තවත් බරකි. අනෙක් අතට කෝප් කමිටුව විසින් නුදුරේ එළිදක්වන්නට යන …
Continue Reading
බැසිල්ගේ ඇමෙරිකා ගෙදරටත් මෙරට හමුදාවෙන් ආරක්ෂාව දීලා!
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ලබන මස 09 වැනිදා බරපතල වංචා දූෂණ සෙවීම පිළිබද ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැ යි දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ. උක්ත කාරණය නම්, බැසිල් රාජපක්ෂගේ ඇමෙරිකාවේ පිහිටි නිවසට ආරක්ෂාව සඳහා මෙරට නාවුක හමුදා නිලධාරීන් දෙදෙනකු යෙදවීමත්, ගුවන් හමුදාවට අයත් යානා අවභාවිතයක් පිළිබඳවත් බව වැඩිදුරටත් හෙළි වේ. මේ පිළිබඳ ප්‍රශ්න කිරීමට ගෝඨාභය රාජපක්ෂ වෙත දින …
Continue Reading
පාර්ලිමේන්තු චණ්ඩි මට්ටු කෙරේ!
ඉතා අශිෂ්ඨ ආකාරයට හැසිරෙමින්, පාර්ලිමේන්තුව තුළ දී ම සහෝදර මන්ත්‍රීවරයෙක්ට පහරදෙමින් ඒකාබද්ධ විපක්ෂය යැ යි කියාගන්නා පිරිස ඊයේ හැසිරුණේ ඉතා ම පහත් අන්දමිනි. එය මෙරට පමණක් නොව ජාත්‍යන්තරව පවා කතා බහට ලක් වී ඇති සිදුවීමක් බව මේ වන විට ආරංචි පළ වෙයි. මේ පහත් සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට කතානායකවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබේ. මේ කමිටුවේ වාර්තාව හෙට දින ලැබීමට …
Continue Reading
ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය අංශයත් බැසිල් යටතට; අලුත් පුවත්පතකුත් වෙළඳපොලට (Exclusive)
ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළට අයත්ව තිබූ මාධ්‍ය අංශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි බැසිල් රාජපක්ෂ යටතට පවරාගෙන තිබේ. මහින්ද රාජපක්ෂගේ නියෝගයකට අනුව මෙය සිදු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර තොරතුරුකරුවන් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තා කර සිටියේය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මාධ්‍යවලට හඬපට ලබාදීමේ සිට විද්‍යුත්, මුද්‍රිත, වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය මෙහෙයුම් සහ සැලසුම් සියල්ල බැසිල් …
Continue Reading
ශිෂ්ඨසම්පන්න දේශපාලනයේ මළගම!
1970 දශකයෙන් පසුව ශ්‍රී ලංකාවේ ශිෂ්ඨ සම්පන්න දේශපාලනය වියැකෙමින් ගිය බව රහසක් නොවේ. කුඩුකාරයන්, පාතාලයන්, චේන් හොරුන්, මිනීමරුවන් බහුතරයක් දේශපාලනයට ආවෝ ය. කෙසේ නමුත්, ශිෂ්ඨ දේශපාලනයේ මිනීපෙට්ටියේ අන්තිම ඇනත් මේ දිනවල ඒකබද්ධ විපක්ෂය නමින් හඳුන්වාගන්නා කල්ලිය ගසමින් සිටින බව පැහැදිලිව පෙනී යන කරුණකි. මෙහි ප්‍රමුඛයෙක් වෙන වාසුදේව නම් පරාභව දේශපාලකයා අසභ්‍ය වචනයෙන් පාර්ලිමේන්තුව ඇමැතුවේ ය. ඊයේ දිනයේ මේ පිරිස උත්තරීතර …
Continue Reading
තිත්ත ඇත්ත ෆොන්සේකා හෙළිකරයි!
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති විය. ඒකාබද්ධ විපක්ෂයේ මැර මන්ත්‍රීන්ගෙන් පහර කෑ මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කිරීමට පවා සිදු වී ඇත. මේ තත්වයට හේතු වූයේ පෙර කියන ලද සංවාදයට ඇමැති සරත් ෆොන්සේකා කරන ලද මැදිහත් වීමයි. ෆොන්සේකා විසින් පවසන ලද තිත්ත ඇත්ත දරාගත නුහුණු දිනේෂ ගුණවර්ධන ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේ දී යකා නැටූ හ. සරත් …
Continue Reading
ඒකාබද්ධ “මැර” විපක්ෂය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයෙකුට පහරදෙයි! (විශේෂ)
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අැති වූ සංවාදයක දී ඒකාබද්ධ විපක්ෂය යැ යි කියාගන්නා කණ්ඩායමේ මැර මන්ත්‍රීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සභාගර්භයේ දීම පහර දී ඇතැ යි වාර්තා වේ. අදාළ පහරකෑමට ලක් වූ මන්ත්‍රීවරයා වන්නේ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීත් සමරසිංහ යි. ඇමැති සරත් ෆොන්සේකා සභාව අමතමින් සිටිය දී සභාව මැදට ආ …
Continue Reading
විමල් වීරවංශ එදා බත් කෑ හැටි..
මෙය සිදුවූයේ අදින් වසර කිහිපයකට පෙරාතුවය. ඒ කාලේ මගේ මස්සිනා (බිරිඳගේ මල්ලී) පට්ට ජේවීපී කාරයෙකි. ඔහු ප්‍රාදේශීය සභා මැතිවරණයටත් ඉල්ලුවේය. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයට නොව ඊට පෙර පැවති පළාත් පාලන මැතිවරණයේ දී ය. එවකට විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේය. අකුරැස්ස, පිටබැද්දර, මොරවක හා දෙනියායේ තිබූ රැස්වීම් ගණනාවක ප්‍රධාන කතිකයා වූයේ වීරවංශය. ඔහුට දිවා ආහාරය සැකසීමේ කාර්යය භාර ගත්තේ අපේ …
Continue Reading
වම සුනුවිසුණු වන ලකුණු!
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය ආදී ලංකාවේ පැරණි ම වාමාංශික මූලයන් සහිත පක්ෂ දැන් ඇත්තේ ජනබලය ඉතා හීන ව පක්ෂවල නම් සහ ඉතිරි වී ඇති ගොඩනැගිලිවලින් ගෝස්තරය සොයා ගනිමිනි. මේ පක්ෂවල සිටින සාමාජික සංඛ්‍යාව නොගිණිය හැකි තරම් කුඩා බව කවුරුත් දන්නා කරුණකි. මේ බෝඩ් ලෑලි යට ඉන්නා ඉතා සුළු පිරිසත් වෘත්තීය සමිති හරහා සිටින පිරිසකි. මේ පක්ෂ සිය …
Continue Reading
“සුදු වෑන් නැතත්, බලපෑම් එමටයි” – තරුණ ජනමාධ්‍යවේදීන් කතා කරයි
සුදු වෑන්වලින් මාධ්‍යවේදීන් පැහැර ගැනීම් වැනි දෑ ගෙවුණු වසර එක හමාරේ වාර්තා නොවූවද මාධ්‍යවේදීන්ට බලපෑම් එල්ල වූ අවස්ථා කිහිපයක් වාර්තා වුණු බවත් ‘ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය’ වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ‘ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය’ වෙනුවෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය. “ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දිනය මෙවර …
Continue Reading