ශ්‍රී ලංකන්ට වෙච්ච දේ ලං.වි.ම.ටත් වෙන හැඩ!

Spread the love

ceylon-electricity-board

මහින්ද රාජපක්ෂ රෙජිමයේ ඥාති සංග්‍රහය මූලික කොටගෙන අතිශය ණය බරක් බවට පත් වුණු ශ්‍රී ලංකන් එයාර් ආයතනය පෞද්ගලික අංශය සමඟ එක් කරන්නට රජයට සිදු වුණු අතර මේ තරම් ම ණය බරක් ඇති තවත් ආයතනයක් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය හඳුනාගත හැක. දේශපාලන හෙංචයියන් බුරුතු පිටින් පුරවා දැමූ මේ ආයතනය රටට තවත් බරකි. අනෙක් අතට කෝප් කමිටුව විසින් නුදුරේ එළිදක්වන්නට යන වාර්තාවේ මෙහි මහා පරිමාණ දූෂණයන් ගැන ද සඳහන් ව ඇතැ යි දැනගන්නට තිබේ.

කොමිස් කුට්ටි වෙනුවෙන් ඉතා වැඩි මුදලට පෞද්ගලික සමාගම්වලින් විදුලිය ලබා ගැනීමට තීරණය කිරීම මෙහි වසංගතයක් ලෙස පැතිර ගිය වංචාවකි. දැනටත් පෞද්ගලික අංශයෙන් රුපියල් බිලියන 60 ක් පමණ ගෙවමින් ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් විදුලිය ලබා ගැනේ.

තවදුරටත් මෙලෙස සමාගම්වලින් විදුලිය ගන්නට සූදානමක් පවතින බවත් මෙලෙස මහ ණයකින් යුතු ව ලං.වි.ම. තව දුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ළඟදී ම උදාවනු ඇති බව දැනගන්නට ඇත. මේ ගැන හදිසි තත්ත්වයක් සේ සලකා කටයුතු කිරීම වගකිවයුතු රජයක වගකීම ය.

RSL

Related Posts