තිත්ත ඇත්ත ෆොන්සේකා හෙළිකරයි!

Spread the love

Gen-Fonseka480

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති විය. ඒකාබද්ධ විපක්ෂයේ මැර මන්ත්‍රීන්ගෙන් පහර කෑ මන්ත්‍රීවරයෙක් රෝහල්ගත කිරීමට පවා සිදු වී ඇත. මේ තත්වයට හේතු වූයේ පෙර කියන ලද සංවාදයට ඇමැති සරත් ෆොන්සේකා කරන ලද මැදිහත් වීමයි. ෆොන්සේකා විසින් පවසන ලද තිත්ත ඇත්ත දරාගත නුහුණු දිනේෂ ගුණවර්ධන ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේ දී යකා නැටූ හ.

සරත් ෆොන්සේකා ඇමැතිවරයා සඳහන් කළ කරුණු කිහිපයක් මෙහි දී නැවත සටහන් කර තැබීම වටී. හිටපු ජනපතිවරිය ද යුධ මෙහෙයුම් කිහිපයකට දේශපාලන නායකත්වය ලබා දුන් අතර මහින්ද රාජපක්ෂ ජනපතිවරයාව සිටිය දී ඔහු පුද්ගලිකව ම මැදිහත් වී එම ආරක්ෂාව ඉතා අඩු කරන ලද්දේ ය. සරත් ෆොන්සේකා යුද්ධය ජයගත් හමුදාපති යැ යි මහින්ද රෙජිමය විසින් ම කිරුළු පළඳා වර්ණනා කළ ද තම දේශපාලන බල ව්‍යාපෘතියට පිටින් යද්දී විවිධ චෝදනා නඟා කිසිදු ආරක්ෂාවක් නැතිව සිරගත කළෝ ය. ත්‍රස්තාවාදී සැකකරුවන් සමඟ එකට සිටින්නට සැලසුවෝ ය.

අනෙක් අතට ෆොන්සේකා හෙළි කළ වැදගත් තවත් කරුණක් නම් මහින්ද රාජපක්ෂ විසින් දැනට ඔහු අසල තබාගෙන සිටින මේජර් තිස්ස, මේජරේ නෙවිල් වැනි අයගේ පැටිකිරිය යි. ඔහු පැවසූ ආකාරයට මේ පුද්ගයින් මහින්දගේ හෙංචයියන් විනා සාමාන්‍ය සෙබළ පුහුණුවක් හෝ ලැබූ අය නොවෙති.

වර්තමාන ජනපතිවරයාත්, අගමැතිවරයාත් සාමාන්‍ය පොලිස් ආරක්ෂාව ලබද්දී, යුද්ධයට නායකත්වය දුන් තමන් පොලිස් නිලධාරින් 15 දෙනෙක් ගේ ආරක්ෂාව ලබද්දී මහින්ද රාජපක්ෂ පොලිස් නිලධාරීන් 200කට වඩා ආරක්ෂාව ලබමින් එය මදි යැ යි කීම විහිලුවක් බව සරත් ෆොන්සේකා වැඩිදුරටත් මෙහිදී පැවසුවේ ය.

දක්නට ලැබෙන පරිදි මෙහි ඇත්තේ හුදු ආරක්ෂාව පිළිබඳ ගැටලුවකට එහා ගිය යමක් තිබේ. එනම්, එදා විදුලි පුටුව දේශපාලන බඩගෝස්තර සටන් පාඨයකට යොදාගත් පරිද්දෙන් මෙදා මේ කරුණ දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් යොදාගන්නා බව ය.

RSL

Related Posts