ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය අංශයත් බැසිල් යටතට; අලුත් පුවත්පතකුත් වෙළඳපොලට (Exclusive)

Spread the love

Basil and Mahindaඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිළට අයත්ව තිබූ මාධ්‍ය අංශයත් වහාම ක්‍රියාත්මක වන පරිදි බැසිල් රාජපක්ෂ යටතට පවරාගෙන තිබේ. මහින්ද රාජපක්ෂගේ නියෝගයකට අනුව මෙය සිදු වූ බව ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර තොරතුරුකරුවන් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තා කර සිටියේය.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මාධ්‍යවලට හඬපට ලබාදීමේ සිට විද්‍යුත්, මුද්‍රිත, වෙබ් සහ සමාජ ජාල මාධ්‍ය මෙහෙයුම් සහ සැලසුම් සියල්ල බැසිල් රාජපක්ෂ යටතට පත්වේ. එමෙන්ම එම මාධ්‍ය අංශ සඳහා නාමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂගේ පිරිස් යොදවා ඇති අතර විමල් වීරවංශගේ සහ ගම්මන්පිළගේ අයවලුන් ඇත්තේ හතර දෙනෙකු පමණි. මාධ්‍ය අංශයේ සියයට අනූවක බලය රාජපක්ෂවරුන් සතුය. එසේම මේ වන විට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පවතින විමල්ගේ සී නිව්ස් වෙබ් අඩවියෙන් හිටපු ජනපති මහින්දටත්, ගෝඨාභය සහ තමා වෙනුවෙනුත් අවශ්‍ය උපරිම ප්‍රචාරය ලබාදෙන ලෙස නාමල් රාජපක්ෂ විසින් විමල්ට පවසා ඇත.

බැසිල්ගේ සැලැස්මකට සහ ආයෝජනකයට අනුව මාධ්‍ය අංශය වෙනුවෙන් සති අන්ත පුවත් පතක් නිකුක් කිරීමටද නියමිතය. එය එලඹෙන සතියේදී ‘ඉරිදා’ නමින් වෙළෙඳපලට නිකුත්වේ. මෙයද පවරා ඇත්තේ මහින්ද රාජපක්ෂගේ එවක මාධ්‍ය අංශයේ කටයුතු කළ මොහාන් සමරනායක මහතාට සහ කුප්‍රකට යකඩ ජාවාරමක් සම්න්ධයෙන් නම් දිනූ සුධර්මන් රද්දලියගොඩටය. මෙම පුවත්පත සඳහා රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි ආයෝජනය වුවද එය වෙනත් පුද්ගලයෙකුගේ ආයෝජනයක් සහ ආයතනයක් ලෙස පෙන්වීමට එදා මෙදා තුර ජාවාරම් සඳහා ජාත්‍යන්තර නම් තැබු කුප්‍රකට රාජපක්ෂවරු සමත් වී ඇත.

මේ අනුව විමල්, ගම්මන්පිල, දිනේෂ් සහ වාසුලා ගොඩයෑම සඳහා අටවා ගත් ‘ඒකාබද්ධ විපක්ෂයේ’ සංවිධායක අංශයත්, මාධ්‍ය අංශයත් යන ප්‍රධාන අංශ ද්විත්වයම බැසිල් රාජපක්ෂ අතට පත්ව ඇත. විමල් වීරවංශ සහ ගම්මන්පිළ යළිත් මහින්දගේ පමණක් නොව බැසිල්ගේද පෙත්තප්පුවන් වී හමාරය.

RSL

Related Posts