ඉතා අශිෂ්ඨ ආකාරයට හැසිරෙමින්, පාර්ලිමේන්තුව තුළ දී ම සහෝදර මන්ත්‍රීවරයෙක්ට පහරදෙමින් ඒකාබද්ධ විපක්ෂය යැ යි කියාගන්නා පිරිස ඊයේ හැසිරුණේ ඉතා ම පහත් අන්දමිනි. එය මෙරට පමණක් නොව ජාත්‍යන්තරව පවා කතා බහට ලක් වී ඇති සිදුවීමක් බව මේ වන විට ආරංචි පළ වෙයි.
මේ පහත් සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට කතානායකවරයා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබේ. මේ කමිටුවේ වාර්තාව හෙට දින ලැබීමට නියමිත ය. ඊයේ සිදුවීමට අදාළ වීඩියෝපට මේ විමර්ශනයට උපයෝගී කරගෙන ඇති බව ද දැනගන්නට ඇත.
කතානායක කරු ජයසූරිය පවසා සිටියේ මේ සම්බන්ධයෙන් ඉතා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ය. උසස් දේශපාලන සංස්කෘතියක් ඇති කරලීමට නම් මෙවන් පහත් අන්දමින් හැසිරෙන අයට එරෙහිව හදිසි පියවර ගත යුතු බව පැහැදිලි කරුණකි.
Loading...