ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව සමසමාජ පක්ෂය ආදී ලංකාවේ පැරණි ම වාමාංශික මූලයන් සහිත පක්ෂ දැන් ඇත්තේ ජනබලය ඉතා හීන ව පක්ෂවල නම් සහ ඉතිරි වී ඇති ගොඩනැගිලිවලින් ගෝස්තරය සොයා ගනිමිනි. මේ පක්ෂවල සිටින සාමාජික සංඛ්‍යාව නොගිණිය හැකි තරම් කුඩා බව කවුරුත් දන්නා කරුණකි. මේ බෝඩ් ලෑලි යට ඉන්නා ඉතා සුළු පිරිසත් වෘත්තීය සමිති හරහා සිටින පිරිසකි.
මේ පක්ෂ සිය ගිලිහී ගිය ප්‍රභාව යොදාගෙන තවමත් රතුකොඩියෙන් ගෝස්තරය සොයාගනිති. මහාචාර්ය තිස්ස විතාරණ, ඩියු ගුණසේකර, වාසුදේව නානායක්කාර වැන්නන් සිය දේශපාලන පරාභවයේ තරම පසුගිය දිනවල පෙන්වාලූයේ සිය වාමාංශික භාවිතාවට කිසිදු සාධාරණයක් නැති අන්ත ජාතිවාදී මහින්ද, විමල්, ගම්මන්පිළ නඩය සමඟ සහවාසයට යෑමෙනි.
මේ තත්ත්වය නිසාවෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෑතක දී නැවතත් විභේදනයට ලක් විය. දැනගන්නට ඇති පරිදි මේ පක්ෂවල වෘත්තීය සමිති නියෝජිතයන් ද ඉතා ඉක්මනින් මේ පක්ෂ හැර දා යන්නට නියමිත ය. මහින්ද ප්‍රමුඛ ජාතිවාදී නඩය සමඟ තවදුරටත් මැයි රැළියට පවා සහභාගි වීම ආසන්න ම හේතුව ලෙස දැනගන්නට ඇත. වාසුදේව පමණක් කිරුළපන මැයි රැළිය මගහැර ගිය අතර ඉදිරියේ දී මේ ඊනියා වාම පෙරමුණු සුනුවිසුණු වී යන බව දක්නට ලැබේ.