කිරුළපන ගැන තීරණයකට විනය කමිටුව අද රැස්වෙයි!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගාල්ලේ දී පවත්වන ලද මැයි දින රැළියට සහභාගි නොවී කිරුළපන දී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස විසින් පවත්වන ලද මැයි රැළියට සහභාගි වූ පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට එම පක්ෂයේ විනය කමිටුව ඉක්මනින් රැස්වන බව එහි මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානයක පවසයි. මේ අවස්ථාවේ නොගන්නා විනය තීරණ වෙන කිසි අවස්ථාවක ගෙන වැඩක් නැති බව ද, මේ …

Continue Reading

මහින්දගේ ආරක්ෂාව ගැන!

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි හමුදා භටයන් ඉවත් කර පොලිස් නිලධාරීන් යෙදවීම ගැන කෑ-කෝ ගැසීමක් පටන් ගෙන තිබේ. ඔහු වෙත මෙතෙක් සිටි හමුදා භටයින් ඔහුගේ දෙපා වැඳ නමස්කාර කර පිටව යනු දක්නට ලැබුණි. ඒ මහින්දලා අනුදකින ක්‍රමය යි. මහජනාතවගෙන් පඩි ලබන සෙබළුන් පිටව යා යුත්තේ ඔහුගේ දෙපා වැඳලා ය. මේ වැඩවසම් ක්‍රමය මහින්ද මෙන් ම මහින්ද පසුපස යන සියල්ලන්ගේ ම …

Continue Reading

නීලකාස හොරුන්ගේ නම්-ගම් ළඟදී ම හෙළි කෙරෙයි!

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් කරන ලද පරික්ෂණ ඇසුරෙන් හෙළිදරවු වුණු දූෂිතයන්ගේ සහ වංචනිකයන් රැසකගේ නම් ලබන මස වනවිට ප්‍රසිද්ධ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු පුවත් වාර්තා සඳහන් කරයි. රජය හිමිකාරිත්වය දරන ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ ද ලංකා විදුලි බල මණ්ඩලයේ ද මෙසේ දැවැන්ත මූල්‍ය වංචාවන් සිදු කළ පිරිස හෙළිවන්නට නියමිත යි. ජනතා මුදල් ප්‍රකෝටි ගණනින් …

Continue Reading

උතුරු මහඇමති ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවයි!

උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇතැ යි දැනගන්නට ඇත. මැයි මස 12, 13 හා 17 යන දින වලදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි කොට ඇති සෙසු පුද්ගලයන් වන්නේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවඥාණම් සහ උතුරු පළාත් සභාවේ ලේකම් එස්. පද්මනාදන් …

Continue Reading

“ඕන ගොනෙකුට පුළුවන්!”

ලාබ ලබමින් තිබී මහින්ද රාජපක්ෂ රෙජිමය විසින් ලබා ගෙන විනාශ කර රුපියල් බිලියන 460ක ණය බරක් සහිතව දැන් රටේ ආර්ථිකයට පිළිලයක් ව පවතින ශ්‍රී ලංකන් එයාර් ගුවන් සේවයේ ණය මුදල රජය බාරගන්නා බව අගමැතිවරයා පවසා තිබේ. රටේ ආර්ථිකය සහමුලින් ම කඩා වැට්ටවීමට පවා සමත් මෙවන් ගැටලුවලට හැඟීම්බර නොවී විසඳුම් සෙවීම අත්‍යවශ්‍යය කටයුත්තක් බව අවිවාදිත ය. එසේ වුවත් මේ ණය බර …

Continue Reading

මහින්ද රාජපක්ෂ ශ්‍රී.ල.නි.ප.යෙන් දොට්ට!

මැයි දිනයට ප්‍රථම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක පවසා සිටියේ මහින්ද ඇතුලු පිරිස ගාල්ලේ පැවැත්වෙන තම මැයි රැළියට නොපැමිණියහොත් සියලු දෙනා පක්ෂයෙන් නෙරපන බව ය. ඔවුන් පක්ෂය අතහැර ගියා සේ සලකන බව හේ වැඩිදුරටත් කියා සිටියේ ය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව පක්‍ෂයේ මන්ත්‍රීවරුන්, මැති ඇමැතිවරුන්, ආසන සංවිධායකවරුන් සහ පක්‍ෂයට අයත් සියලුම සංවිධානවල සාමාජිකයන් මධ්‍යම කාරක සභාව …

Continue Reading

දෙමාපියන් සිහිකොට මහින්දගෙන් ASP ට කුණු බැනුම් සංග්‍රහයක් (Exclusive)

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ ලංකා කම්කරු පක්ෂයේ නායක වන ඒ.එස්.පී. ලියනගේ මහතා අමතා කුණු හරුපෙන් බැන වැදී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ඒ.එස්.පී. ලියනගේ මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කිරීමත්, මහින්ද මැයි දිනය වෙනුවෙන් ඉල්ලූ කප්පම් මුදල් නොදීම හේතුවෙනුත් මෙම තත්වය උද්ගතව ඇත. ඒ.එස්.පී ලියනගේ මහතාගේ ජංගම දුරකථනයට …

Continue Reading

සම්මාන 8 කින් පිදුම් ලබමින් බ්ලූ මවුන්ටන් ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී විශිෂ්ට ජයක් ලබයි

දේපළ වෙළඳාම් අංශයේ දැවැන්තයා බ්ලූ මවුන්ටන්, පසුගියදා 2016 වසර සඳහා පැවති ආසියා ශාන්තිකර දේපළ වෙළඳාම් සමුළුවේදී සම්මාන 8 කින් පිදුම් ලැබීමට වරම් හිමිකරගත් පළමු ලාංකේය සමාගම බවට පත් වීමට සමත් විය. මෙහිදී ලැබුණු සම්මාන 8න්, පහකට අමතරව ඔවුන්ගේ නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් සිංගප්පූරුවේ පාමර් සහ ටර්නර් උපදේශක සමාගම හා හවුල් සම්මාන 3 ක් දිනා ගැනීමටද බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරයට …

Continue Reading

පොලිසිය අැමැති පාඨලී රකිනවා ද?

ඇමැති පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගේ රථයක ගැටී රාජගිරිය සරණ පාරේ පසුගිය දා සිදුවුණු අනතුර සම්බන්ධ නඩු විභාගය 27 දින පැවැත්විණ. එහි දී පැමිණිල්ල පාර්ශ්වයේ නීතිඥවරයා සඳහන් කළේ, පොලිසිය ඇමැති පාඨලීව ආරක්ෂා කරන්නට උත්සහ දරන බවයි. නියම සිහිය ලබා ගැනීමකින් තොරව, කතා බහ කරගැන්මට පවා නොහැකි ව තවමත් රෝහලේ සිටින තුවාල ලද තරුණයාගෙන් කිසි ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි ය. මුලින් නිවැරදි …

Continue Reading