පොලිසිය අැමැති පාඨලී රකිනවා ද?

Spread the love

minister-patali-champika

ඇමැති පාඨලී චම්පික රණවක ඇමැතිවරයාගේ රථයක ගැටී රාජගිරිය සරණ පාරේ පසුගිය දා සිදුවුණු අනතුර සම්බන්ධ නඩු විභාගය 27 දින පැවැත්විණ. එහි දී පැමිණිල්ල පාර්ශ්වයේ නීතිඥවරයා සඳහන් කළේ, පොලිසිය ඇමැති පාඨලීව ආරක්ෂා කරන්නට උත්සහ දරන බවයි.

නියම සිහිය ලබා ගැනීමකින් තොරව, කතා බහ කරගැන්මට පවා නොහැකි ව තවමත් රෝහලේ සිටින තුවාල ලද තරුණයාගෙන් කිසි ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි ය.

මුලින් නිවැරදි නොවන දුරකතන අංක ලබා දුන් ඇමැතිවරයා, පරික්ෂණවලදී හෙළි වූ දුරකතනයක් තමාගේ බව පසුව පිළිගත්තේ ය. අනතුර සිදු වූ සරණ පාර ආසන්නයේ ම වැලිකඩ පොලිසිය තිබිය දී බොරැල්ල වෙත පැමිණීම ද සැක සහිත බව කියැවිණ. එපමණක් නොව ඇමැතිවරයාගේ දුරකතනයෙන් ඒ අවස්ථාවේ උසස් පොලිස් නිලධාරියෙක් අමතා ඇතැ යි දැනගන්නට ඇත.

රටක නීතිය තිබිය යුත්තේ බලවතුන් ආරක්ෂා කිරීමට නම් එවන් නීතියකින් ඇති පලයක් නැත. යහපාලනය – යමපාලනය වන්නේ මෙවන් අකටයුතුවලට ඉඩ දෙනවා නම් ය.

RSL

Related Posts