මැයි දිනයෙන් පසුව රජයේ කැබිනට් මණ්ඩල අමාත්‍යධුරවල වෙනසක් සිදු කරන්නට යන බව අප වෙත වාර්තා වෙයි. දැනටමත් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර ඒ පිළිබඳ සාකච්ඡා කෙරී ඇති බව දැනගන්නට ඇත. විශාල වෙනසක් නොවුණත්, යම් ප්‍රමාණයකට ඇමැතිධුර වෙනස් කරන්නට යන බව කියැවෙයි.
විවිධ චෝදනාවලට ලක්වුණු ඇමැතිවරුන්ගේ ධුර කෙරෙහි අවධානය දක්වා ඇති බව පෙනෙන්නට තිබේ. වරාය ඇමැති අර්ජුනගේ ඇමැතිධුරය ද වෙනසක් වනු ඇති බවට විටින් විට ආරංචි පළ විය. මුදල් අමාත්‍ය ධුරය රවි කරුණානායකගෙන් කබීර් හෂීම්ට හෝ හර්ෂ ද සිල්වාට හිමිවන ලකුණු පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත්, අමාත්‍ය ධුර වෙනසක් සිදු වන බව නම් ස්ථිර බව දැනගන්නට ඇත.
Loading...