මහින්දගේ ආරක්ෂාව ගැන!

Spread the love

Mahinda Rajapaksa

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි හමුදා භටයන් ඉවත් කර පොලිස් නිලධාරීන් යෙදවීම ගැන කෑ-කෝ ගැසීමක් පටන් ගෙන තිබේ. ඔහු වෙත මෙතෙක් සිටි හමුදා භටයින් ඔහුගේ දෙපා වැඳ නමස්කාර කර පිටව යනු දක්නට ලැබුණි. ඒ මහින්දලා අනුදකින ක්‍රමය යි. මහජනාතවගෙන් පඩි ලබන සෙබළුන් පිටව යා යුත්තේ ඔහුගේ දෙපා වැඳලා ය. මේ වැඩවසම් ක්‍රමය මහින්ද මෙන් ම මහින්ද පසුපස යන සියල්ලන්ගේ ම දෘෂ්ටිය හා බැඳී ඇත.

විදුලි පුටුවට යන්න බය නැතැ යි පපුවට ගසා ගනිමින් බෙරිහන් දුන් මහින්ද, රටේ දැන් ත්‍රස්ත බියක් නැතැ යි ද තමා එය නැති කළා යැ යි ද බෙරිහන් දෙන මහින්ද හමුදා භටයන් ඉවත් කර පොලිස් නිලධාරින් යොදවද්දී මෙතරම් සන්ත්‍රාසයට පත් වන්නේ ඇයි ද?

මේ සියල්ල ම දේශපාලන බඩගෝස්තරය වෙනුවෙන් මිස වෙන කිසි ම දෙයක් නිසා නොවේ. මේවා විකුණා වේල සරිකරගන්නට හැකි වන වහල් චින්තනයෙන් යුතු ලක්ෂ ගණනක් රටේ සිටීම වඩාත් ම දුකට කාරණය යි.

RSL

Related Posts