කිරුළපන ගැන තීරණයකට විනය කමිටුව අද රැස්වෙයි!

Spread the love

slfp

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගාල්ලේ දී පවත්වන ලද මැයි දින රැළියට සහභාගි නොවී කිරුළපන දී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස විසින් පවත්වන ලද මැයි රැළියට සහභාගි වූ පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට එම පක්ෂයේ විනය කමිටුව ඉක්මනින් රැස්වන බව එහි මහලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානයක පවසයි.

මේ අවස්ථාවේ නොගන්නා විනය තීරණ වෙන කිසි අවස්ථාවක ගෙන වැඩක් නැති බව ද, මේ ලෙසින් දෙකට දෙවාරනේ ශ්‍රී.ල.නි.ප.යට ගමනක් යා නොහැකි බව ද මැදහත් විචාරකයන්ගේ මතය යි.

දිගින් දිගට ම විනය ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුව ද පක්ෂ විනය බරපතල ලෙස උල්ලංඝනය කරද්දීත් එසේ කරන්නට නොහැකිවීම නිසාවෙන් ශ්‍රී.ල.නි.ප.ය මේ අර්බුදයට ලක් ව තිබේ.

RSL

Related Posts