“මැරිලින් මොන්රෝව මැරුවේ මමයි” – CIA කුලී ඝාතකයෙකු පාපොච්චාරණය කරයි (විශේෂ)

Spread the love

marilyn3-1“කෙනඩි එක්ක විතරක් නෙවෙයි මැරිලින් මොන්රෝ ෆිදෙල් කැස්ත්‍රෝ එක්කත් නිදි වැදුණ බවට සාක්කි අපිට ලැබිල තිබුණා. මගේ අණ දෙන නිලධාරි ජිමී හේවර්ත් මට කිව්ව ඈ මිය යා යුතු බවත් මරණය සියදිවි නසා ගැනීමක් හෝ මාත‍්‍රාව ඉක්මවා බෙහෙත් ගැනීමක් විදිහට ඒත්තු යා යුතු බවත්. ඊට කලින් කවදාවත් මම ගෑනියෙක් මරලා තිබුණෙ නෑ. ඒත් මම මට ලැබුණ අණ පිළිපැද්දා… එ් මගෙ රට ඇමරිකාව වෙනුවෙන්! ඇමරිකාවේ යුධ තොරතුරු ඈ මාර්ගෙන් කොමියුනිස්ට්කාරයො අතට පත් වෙන්න ඉඩ තිබුණ. අපිට ඒකට ඉඩ දෙන්න බෑ! ඈ මිය යා යුතුව තිබුණ. මම කළේ කළ යුතුව තිබුණ දේයි”

78 හැවිරිදි විශ‍්‍රාමික ඇමෙරිකානු සී අයි එ් (CIA – Central Intelligence Agency) නිලධාරියෙකු වන නෝර්මන්ඞ් හොජස් ඔහු අසාධ්‍ය තත්වයෙන් සෙන්ටාරා රෝහලට ඇතුළත් කළ පසුගිය සඳුදා දින පටන්ම ඇදහිය නොහැකි තරම් පුදුමසහගත පාපොච්චාරණ වැලක් සිදු කර තිබෙන බව වාර්තා වෙයි. එ්් සුප‍්‍රකට නිළි සහ නිරූපිකා මැරිලින් මොන්රෝගේ ඝාතනයද ඇතුළුව මනුෂ්‍ය ඝාතන 37 ක් තමා 1959 – 1972 අතර ගත වූ කාලය තුළ ඇමරිකානු රජය වෙනුවෙන් සිදු කළ බවට පාපොච්චාරණය කරමිනි.

වසර 41 ක් පුරා පළමු පෙළ ආරක්ෂක නිශ්කාෂන හා සම්බන්ධ සී අයි එ් ක‍්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු සංවිධානය බොහෝවිට තමන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ පුද්ගලයන් ඝාතනය කිරීම සඳහා කුලී ඝාතකයෙකු ලෙසද යොදා ගත් බව හෙළි කර ඇත.

හොජස් පවසන්නේ සී අයි එ් සංවිධානය තමන්ගේම න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කළ 1959 අගෝස්තු සහ 1972 මාර්තු අතර කාලයේදී තමන් එම ඝාතන සිදු කළ බවයි. රට පුරා දේශපාලන ඝාතන සිදු කළ සාමාජිකයන් පස් දෙනෙකුගෙන් යුත් හවුලක කොටස් කරුවෙකු ලෙස ඔහු කටයුතු කළ කර ඇත. බොහෝවිට ඔවුන්ගේ ඉලක්ක වී ඇත්තේ දේශපාලන ක‍්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ වෘත්තීය සමිති නායකයන් වුවත් ඇමරිකාවේ මතිමතාන්තර වෙත තර්ජනයක් වූ අදහස් දැරූ විද්‍යාඥයින් සහ කලාකරුවන් කිහිප දෙනෙකුද තමන් මරා දැමූ බව ඔහු කියා සිටියි.

හොජස්ට අනුව ඔහුගේ ඝාතන ලැයිස්තුවේ මැරිලින් මොන්රෝ සුවිශේෂී තැනක් දරන්නේ ඔහු ඝාතනය කළ එකම කාන්තාව ඇය වීම හේතුවෙනි. මොන්රෝ තම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ බවත් එ් හේතුවෙන්ම ඇය ඉවරයක් කර දැමීමට සිදු වූ බවත් ඔහු පසුතැවීමකින් තොරව පවසා ඇත.

marily4මොන්රෝ මිය ගොස් ඇත්තේ 1962 වසරේ අගෝස්තු 05 වන දින මධ්‍යම රාත‍්‍රි 12 ත් පසුදා පාන්දර 1ත් අතර කාලය තුළදීය. හොජස් පවසන පරිදි ඇය නිදා සිටින අතර ඇගේ කාමරයට ඇතුළු වූ ඔහු ප‍්‍රබල වේදනා නාශකයක් වන ක්ලෝරල් හයිඞ්රේට් (chloral hydrate) අධි මාත‍්‍රාවක් ක්ෂණික ක‍්‍රියාකාරීත්වයක් සහිත නිදි බෙහෙතක් වන නෙම්බියුටාල් (Nembutal) සමඟ මිශ‍්‍ර කර සිරුරට එන්නත් කිරීමෙන් ඇගේ මරණය සිදු කර ඇත.

මෙම හෙළිදරව් කිරීම් හා සමඟම හොජස් FBI (Federal Bureau of Investigation) ආයතනය භාරයට පත් කර ඇති අතර එම ආයතනය ඔහුගේ ප‍්‍රකාශයන්හි සත්‍යය තහවුරු කරගැනීම සඳහා විමර්ශනයක් දියත් කොට ඇත. කෙසේවුවද, මෙම විමර්ශනය ඉතා සංකීර්ණ කටයුත්තක් වනු ඇත්තේ එවැනි රහසිගත ක‍්‍රියාකාරකම් පිළිබඳ ලිඛිත සටහන් ලබා ගැනීමේ අති දුෂ්කරතාවයත්, මෙම සිද්ධීන් හා සම්බන්ධ භූමිකා නිරූපණය කළවුන් බොහොමයක් අද වන විට ජීවතුන් අතර නොමැති වීමත් හේතුවෙනි.

-දිලානි ජයමානි-

RSL

Related Posts