නීලකාස හොරුන්ගේ නම්-ගම් ළඟදී ම හෙළි කෙරෙයි!

Spread the love

cope-415x260

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් කරන ලද පරික්ෂණ ඇසුරෙන් හෙළිදරවු වුණු දූෂිතයන්ගේ සහ වංචනිකයන් රැසකගේ නම් ලබන මස වනවිට ප්‍රසිද්ධ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු පුවත් වාර්තා සඳහන් කරයි. රජය හිමිකාරිත්වය දරන ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ ද ලංකා විදුලි බල මණ්ඩලයේ ද මෙසේ දැවැන්ත මූල්‍ය වංචාවන් සිදු කළ පිරිස හෙළිවන්නට නියමිත යි.

ජනතා මුදල් ප්‍රකෝටි ගණනින් ගසා කන ලද මේ වංචනිකයන්ට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හරහා පරීක්ෂණ කොට නඩු පවරා දඬුවම් ලබා දීමට නියමිත බව ද වාර්තා වෙයි. මේ සියලු මූල්‍ය වංචා පිටුපස දේශපාලන අධිකාරියේ ප්‍රධාන චරිත සිටින බව ද දැනගන්නට ඇත.

RSL

Related Posts