පානීය ජල සැපයුම මුළුමනින්ම ඇණහිටීමේ අවදානමක්! (විශේෂ)
කැළණි ගඟ පිටාර ගැලීමත් සමග අඹතලේ ජල පවිත්‍රාගාරය ගංවතුරට හසු වීමෙන් ජල සැපයුම සම්පුර්ණයෙන්ම ඇණහිටීමේ දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින බව අඹතලේ ජල පවිත්‍රාගාරය පවසයි. කැළණි ගඟේ ජල මට්ටම අඩි 20 අගල් 5ක් දක්වා ඉහල ගොස් ඇති බැවින් තවත් අඩි දෙකක් ජල මට්ටම ඉහළ ගියහොත් ජලය බෙදා හැරීම ඇණහිටින අතර ඒ අනුව අඹතලෙන් ජලය සැපයෙන සියලුම ප්‍රදේශයන්ට (කොළඹ සහ ගම්පහ …
Continue Reading
ජනපති ජන දුක සොයා බලයි
අරණායක, එළගපිටිය ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාව පිළිබද සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) දහවල් එම ප්‍රදේශයේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත විය. නාය යාම සිදුවූ සාමසර කන්ද ප්‍රදේශය වෙත ගිය ජනාධිපතිතුමා එය නිරීක්ෂණය කළ අතර විපතට පත් ජනතාව ගලවා ගැනීමේ කටයුතුවල නිරතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් ද හමුවී එම කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය. …
Continue Reading
කු.පා.ම.මහින්දගේ රණවිරු සමරුව කොට උඩ
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හෙට (19) දිනයේදී කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් වූ රණවිරු සමරුව අවලංගු කර ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවැත්වීමට සූදානම් වූ රණවිරු සැමරුමට කිසිදු හමුදා සාමාජිකයකුට සහභාගී විය නොහැකි බවට ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුවත් කරන ලද අතර මෙම සැමරුම අයහපත් කාළගුණය නිසා අවලංගු කිරීමට සිදු වූ බව සඳහන් කර ඇත. එහෙත් සත්‍ය සිදුවීම නම් …
Continue Reading
රුපියල් කෝටි 1260ක චෙක්පත් ගනුදෙනුවේ සැඟැවුණු කතාව
මැයි මස 9 වැනි දා රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය හමුව උණුසුම් පුවතක් මාධ්‍යයට ලබා දුන්නේය. මාධ්‍ය හමුව පැවැත්වුණේ රාජිත සේනාරත්න හා පාඨලී චම්පික රණවක යන ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙනි. රාජිත සේනාරත්න ඇමැතිවරයා මෙම හෙළිදරව්ව කළේය. එනම් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ගේ රියැදුරකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලකි. ඒ පැමිණිල්ලට අනුව ලංකා බැංකුවේ නගර ශාඛාවෙන් …
Continue Reading
සියලු අංශ සීරුවෙන් තබන්න – ජනපතිගෙන් නියෝගයක්
පවතින අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට හැකිවන පරිදි සියලු අංශ සූදානමින් තබන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත. එමෙන්ම ගංවතුරෙන් හා නායයාම් හේතුවෙන් අවතැන්වන එක් පුද්ගලයෙකුගේ ආහාර පාන ඇතුළු අවශ්‍යතා වෙනුවෙන් දිනකට වෙන් කරන රුපියල් 150 ක මුදල රුපියල් 225 දක්වා වැඩිකිරීමටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති අතර ජනාධිපති මෛතී‍්‍රපාල …
Continue Reading
සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිපිරෙයි..? (විශේෂ)
වසර හතළිහකට වඩා පැරණි සපුගස්කන්ද තෙල් පිරිපහදුව නව රජය පත්වීමත් සමග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව නවීකරණය කිරීමට අවධානය යොමුකර ඇති අතර එහෙත් එය කඩාකප්පල් කොට සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුපුරුවා හැරීමේ අභ්‍යන්තර සැලැස්මක් ක්‍රියාත්මක බවට වාර්තාවේ. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් පවසන පරිදදි මුල්‍ය කළමනාකරු දාබරේ සහ වාණිජ කළමනාකරු ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ඉන්දීය සමාගමකින් අල්ලස් ලබාගෙන ඉතා බාල තත්වයේ අලුත් …
Continue Reading
විමල්ට අමතක වුණු ඒ සොඳුරු අතීතයෙන් බිඳක්..
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරමින් සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැට් බදු වැඩිකිරීම අසාධාරණ බවත් එම බදුවැඩි කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය. මෙය කෙතරම් හාස්‍යජනකද යත් විමල් වීරවංශවලාට ඔවුන් ආණ්ඩුකළ සමයේ මෙරට සමස්ත ජනතාවගෙන් බදු පිට බදු ගැසූ හැටි අමතක වීමයි. සෑම භාණ්ඩ හා සේවාවකටම එදා විමල් ලා පණ පෙවූ රාජපක්ෂ …
Continue Reading
කාන්තාවන් 2206කට මන්ත්‍රී වරම්!
ඉදිරි පළාත් පාලන ආයතන සඳහා කාන්තාව 2206ක් වෙනම කාන්තා ලැයිස්තුවක් යටතේ මන්ත්‍රීවරියන් ලෙස අනිවාර්යයෙන් ම පත් කර ගත යුතු බවට ද, පත් කළ යුතු නව මුළු මන්ත්‍රීවරුන් ගණන 8825 දක්වා වැඩි විය යුතු බවට ද පාර්ලිමේන්තුව මඟින් නීති රෙගුලාසි අනුමත කර ඇත. ඉදිරි පළාත් පාලන මැතිවරණය අනිවාර්යයෙන් ම කොට්ඨාස හා සමානුපාතික යන ක්‍රම දෙකේ සංකලනයක් ලෙස පවත්වන බවත් ඒ අනුව …
Continue Reading
බැසිල් ඇපත් අරන් ගෙදර යයි
මාතර ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ අංශය විසින් අත් අඩංගුවට ගනු ලැබූ හිටපු ආර්ථික අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැය කිහිපයක් තුළ ඇප මත නිදහස් වී ගෙදර යෑමට සමත්ව ඇත. බැසිල් රාජපක්ෂව මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප 3ක් මත මුදාහැර ඇත. බැසිල් රාජපක්ෂ …
Continue Reading
මහින්දට උගන්ඩාවේදී ඉහළ පිළිගැනීමක්!
හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ ජනාධිපති යුවේරි මුසවේනිගෙන් ලද ආරාධනයකට අනුව ඔහුගේ 05 වන පදවි ප්‍රාත්ත උළෙලට සහභාගී වීම සඳහා උගන්ඩාව බලා පිටත්ව ගියේය. මේ සඳහා මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය අංශය විශාල ප්‍රචාරණයක් ලබාදී තිබූ අතර එහිදී උගන්ඩාවට ගිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂව නිලවශයෙන් පිළිගත් ආකාරයේ ජායාරූපය අප මෙසේ පළකර සිටිමු.
Continue Reading