සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිපිරෙයි..? (විශේෂ)

Spread the love

Refineryවසර හතළිහකට වඩා පැරණි සපුගස්කන්ද තෙල් පිරිපහදුව නව රජය පත්වීමත් සමග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලව නවීකරණය කිරීමට අවධානය යොමුකර ඇති අතර එහෙත් එය කඩාකප්පල් කොට සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුපුරුවා හැරීමේ අභ්‍යන්තර සැලැස්මක් ක්‍රියාත්මක බවට වාර්තාවේ. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් පවසන පරිදදි මුල්‍ය කළමනාකරු දාබරේ සහ වාණිජ කළමනාකරු ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ඉන්දීය සමාගමකින් අල්ලස් ලබාගෙන ඉතා බාල තත්වයේ අලුත් වැඩියාවක් කිරීමට සුදානම්ව සිටී.

මෙම දූෂිත විනාශකාරී සැලැස්ම සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් පවසන්නේ මෙවැනි අදහසක්ය. අදට අලුත් වැඩියාවට වැයවන වියදමින් තෙල් පිරිපහදු අංගනය නවීකරණය කොට පිරිපහදු දාරිතාව දැනට වඩා 50% වැඩිකිරීමට හැකියාවක් තිබියදී එයට ඉඩ නොදී ඩොලර් මිලියන 2ක් වැයකර පින්තාරු කිරීමට බලකිරීම විහිළුවට කාරණයකි බොහෝ කාර්මික ශිල්පින් පවසන්නේ අදාල මුදලින් සමස්ත අන්ගනයම අලුත් වැඩිය කරහකිබවයි.

2013 වසරේදී මෙම සමාගම විසින් නිසි ටෙන්ඩර් ක්‍රමයකින් තොරව අධ්‍යනයක්ද සිදුකර ඇත. මෙම අධ්‍යනය වෙනුවෙන් අලුත්වැඩියාවේදී විශේෂ වාසි ලබා ගැනීමට මෙම දෙදෙනා සැලසුම් කොට ඇත. 2013 වසරේ සිට පිරිපහදුවේ ටින්කරින් කොන්ත්‍රාත්තුව සිදු කරනු ලබන හයිද්‍රාබාද් UOP සමාගමට වඩාත් වාසි වන්නේ වසර 40 ක් පැරණි මේ ජාතික සම්පත මෙලෙසම පවත්වාගෙන යාමයි. ඔවුන් ඒ වෙනුවෙන් සංස්ථාවේ ඉහල නිලධාරීන් බියගන්වන්නේ වෙනත් රටවල පිරිපහදු නවීකරනයේදී සිදුවූ බව කියන පිපිරීම්වල වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරමිනි. මෙසේ බිය ගන්වා ඔවුන් සැලසුම් කරන්නේ ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට මෙම අලුත්වැඩියාව සිදුකර නොකර විශාල මුදලක් ලබා ගැනීමටයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් තමන් ගැන පමණක් සිතා ක්‍රියා කල ආකාරය අපි දුටිමු. නමුත් විෂය භාර අමාත්‍යවරයා හා රජය ඉතා දැඩි ක්‍රියාමාර්ග ගත් බැවින් එම ප්‍රයාත්නය අසාර්ථක විය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව බාර අමාත්‍ය වරයා මේවනවිට මේ තත්වය තේරුම්ගෙන කැබිනට් පත්‍රිකාවක් මාර්ගයෙන් විවෘර්ථ ටෙන්ඩර් පටිපාටියක් මාර්ගෙන් අදාල නවීකරණය කටයුතු සිදුකිරීමට සුදානම් වීම සතුටට කරුණක්.

වාර්ෂිකව ඩොලර් මිලියන 300 කට අධික මුදලක් රටට ඉතිරිකරගත හැකි වන්නේ පිරිපහදුව විද්‍යානුකුලව නවීන තාක්ෂණයට අනුව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් අලුත්වැඩියා කර පුළුල් කිරීමෙන් පමණි. මෙවැනි බාල, දේශද්‍රෝහී, දුෂිත පුද්ගලයන් නිසා වසර 40ක් රටේ ජනතාවගේ මුදල් ඩොලර් බිලියන ගණනින් විනාශ වී ඇත. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රටට ආදරය කරන සේවකයින් පවසන්නේ මෙවැනි පුද්ගලයින් පිළිබඳව රජය අවධානය යොමුකළයුතු බවයි. ඔවුන් රටට, ජාතියට පිලිකාවක් බවත් යහපාලන රජයෙන් මෙවැනි ආයතනවලට නිලධාරී වෙසින් අරක්ගත් දූෂිතයින් නෙරපා දැමිය යුතු බවත්ය.

RSL

Related Posts