මහින්දට අලකලංචියක් !

Spread the love

mahinda-hindanaකුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට තවත් අලකලංචියක් පාත් වී ඇත. ඒ සැබෑ “ඒකාබද්ධ විපක්ෂය” තමා අද දින ආරම්භ කරන බවත්, එහි නායකයා තමා බවත් පවසමින් මහින්ද රාජපක්ෂගේ අතිජාත මිත්‍ර මර්වින් සිල්වා විසින් ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටීමත් සමඟය.

“ඒකාබද්ධ විපක්ෂය” යන නම සහ ලාංඡනය මුද්‍රණය කර තිබූ බැනරයක් නිල බැනරයක් සහිතව පැවති මෙම මාධ්‍ය හමුවේදී ඒකාබද්ධ විපක්ෂයේ නායක මර්වින් සිල්වා පවසා සිටියේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් පවත්වාගෙන යන “ඒකාබද්ධ විපක්ෂය” යනු ශරීරයට අනවශ්‍ය දෑ එකතු වෙන උණ්ඩුක පුච්ඡය වැනි එකක් බවය.

තවද කුමන හෝ හේතුවක් නිසා හිටපු ජනාධිපතිවරයාට සහය පළ කරන “ඒකාබද්ධ විපක්ෂය” හා එක්ව සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ට අගෞරව කිරීමට අදහසක් තමා තුළ නොමැති බවත් රාජපක්ෂවරුන් පිළිබඳව තමා තරම් දන්නා කෙනෙකු එම “ඒකාබද්ධ විපක්ෂය” තුළ නොමැති බවත්ය.

මේ සමඟම මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන් විසින් ප්‍රචාරණයේ යෙදුන ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රචාරණයන්ට දැඩි පහරක් එල්ල වී ඇති අතර වහාම රාජපක්ෂවරුන්ගේ ඒකාබද්ධ විපක්ෂයේ නම මාරුකොට වෙනත් පක්ෂයකට මාරුකරන ලෙස මහින්ද රාජපක්ෂ විසින් බැසිල් රාජපක්ෂට සහ විමල් වීරවංශට උපදෙස් දී ඇත.

joint oppsition

RSL

Related Posts