විමල්ට අමතක වුණු ඒ සොඳුරු අතීතයෙන් බිඳක්..

Spread the love

Wimal_Shashiජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකරමින් සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැට් බදු වැඩිකිරීම අසාධාරණ බවත් එම බදුවැඩි කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

මෙය කෙතරම් හාස්‍යජනකද යත් විමල් වීරවංශවලාට ඔවුන් ආණ්ඩුකළ සමයේ මෙරට සමස්ත ජනතාවගෙන් බදු පිට බදු ගැසූ හැටි අමතක වීමයි. සෑම භාණ්ඩ හා සේවාවකටම එදා විමල් ලා පණ පෙවූ රාජපක්ෂ රෙජීම රජය බදු ගැසූ අයුරු අමතක වීමයි. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිලගණන් ඉහළ දැමූ ආකාරයයි. බිත්තර ගෙඩියක මිල පොල් ගෙඩියක තරමට ඉහළ ගිය ආකාරයයි.

අප කිසිඳු ලෙසකින් වත්මන් රජය හෝ වේවා ජනතාවට පීඩාකාරීවන අයුරින් සිදුකරන බදු වැඩිකිරීම අනුමත කරන්නේ නැත. එහෙත් මෙම වැට් බදු වැඩි කිරීම පිටුපස වන යථාර්තය අප අවබෝධ කරගත යුතුය. ඒ පසුගිය රාජපක්ෂ රජය සහ එහි මහා ව්‍යාපෘති භාරව කටයුතු කරමින් සිටි රාජපක්ෂ සමාගම සහ අමාත්‍යවරුන් ඇතුළු පිරිස් තම මඩි තරකර ගැනීම වෙනුවෙන් ගත් මහා ණය ප්‍රමාණයත් ඒවාට පොලියත් ගෙවීම වෙනුවෙන් වීමයි.

එදා කොමිනිකේෂන් එකක් කරමින් ඇඳුම් කෑලී මසා ජීවත් වූ විමල් සහ ශෂී වීරවංශලා කෝටිපතියන් වී මහා මන්දිර ගොඩනැඟීමට මුදල් ඉපයූ ඒ අතීතය අමතක් ඔවුන්ට යළි ආවර්ජනය කළ හැකිද? එසේ නම් විමල්ට එදා ජනතාවගෙන් මෙලෙස බදු ගසමින් ඉපැයූ භාණ්ඩ හා සේවාවල මිලගණන් මතකයට එනු ඇත.

wenasa

RSL

Related Posts