ජනපති ජන දුක සොයා බලයි

Spread the love

HE-visit01අරණායක, එළගපිටිය ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාව පිළිබද සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) දහවල් එම ප්‍රදේශයේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත විය.

නාය යාම සිදුවූ සාමසර කන්ද ප්‍රදේශය වෙත ගිය ජනාධිපතිතුමා එය නිරීක්ෂණය කළ අතර විපතට පත් ජනතාව ගලවා ගැනීමේ කටයුතුවල නිරතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් ද හමුවී එම කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය.

අනතුරුව ජනාධිපතිතුමා නාය යාමෙන් විනාශයට පත් සිරිපුර, පල්ලේබාගේ ඇතුථ ප්‍රදේශවල ද සංචාරය කරමින් නාය යාමෙන් සිදුවූ හානිය නිරික්ෂණය කළේය. අවතැන් වූ ජනතාව රදවා සිටින අරණායක දික්පිටිය රාජගිරිය විද්‍යාලය වෙත සහ හත්ගම්පළ විද්‍යාලය වෙත ද ගොස් එම ජනතාව හමු වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ අඩු පාඩු විමසා බැලීය.

එම ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් නොඅඩුව සපයා දෙන ලෙසටත් විශේෂයෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබද සැළකිලිමත් වන ලෙසත් ජනාධිපතිතුමා එහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ විපතටපත් ජනතාව ගලවා ගැනීමේ කටයුතු සහ අවතැන්වූ ජනතාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් රජය ඉතා වගකීමෙන් කටයුතු කරන බවයි. එමෙන්ම නාය යාම හේතුවෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු ද ඉදිරියේදී විධිමත්ව කි්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

HE-visit3

-ජනාධිපති මාධ්‍ය අංශය-

RSL

Related Posts