පානීය ජල සැපයුම මුළුමනින්ම ඇණහිටීමේ අවදානමක්! (විශේෂ)

Spread the love

water-tap_කැළණි ගඟ පිටාර ගැලීමත් සමග අඹතලේ ජල පවිත්‍රාගාරය ගංවතුරට හසු වීමෙන් ජල සැපයුම සම්පුර්ණයෙන්ම ඇණහිටීමේ දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටින බව අඹතලේ ජල පවිත්‍රාගාරය පවසයි.

කැළණි ගඟේ ජල මට්ටම අඩි 20 අගල් 5ක් දක්වා ඉහල ගොස් ඇති බැවින් තවත් අඩි දෙකක් ජල මට්ටම ඉහළ ගියහොත් ජලය බෙදා හැරීම ඇණහිටින අතර ඒ අනුව අඹතලෙන් ජලය සැපයෙන සියලුම ප්‍රදේශයන්ට (කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට) ජල සැපයීම නතර වන බව ද අඹතලේ ජල පවිත්‍රාගාරයේ ප්‍රධානී පවසයි.

මේ වන විට හැටන් සහ ගිනිගත්හේන ප්‍රදේශවලට නැවත දැඩි වර්ෂාපතනයක් ලැබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන අතර ඒ අනුව කැළණි ගඟේ ජල මට්ටම තවත් පැය කිහිපයකදී නැවත ඉහළ යනු ඇත.

යම් ආකාරයකින් පවතින ජල මට්ටම අඩි දෙකකින් ඉහල ගියහොත් අඹතලේ ජල සැපයුම නතර වන බැවින් ගංවතුරට මුහුණ දී සිටින ජනතාව පමණක් නොව කොළඹ දිස්ත්‍රිකයේ සහ ගම්පහ දිස්ත්‍රිකයේ අඩකට ආසන්න ජනතාවක් ජල හිඟයකට මුහුණ දෙන්නට සිදුවේ.

RSL

Related Posts