මහින්දට සිදුහත් ලේ-නෑකම් සොයා දුන් ජැක්සන් එදා ගහපු ගැහිලි ගැන කියයි (Video)
පැවති රාජපක්ෂ රෙජීමය රජයේ ප්‍රධාන වණ්දි බට්ටයා වූ ජැක්සන් ඇන්තනී එකළ ජනාධිපති මහින්ද රාජපක්ෂව අන්දමින් කඩා වඩාගත් පොදු ජනතාවගේ මුදල් ගැන කීමට අද (24) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියේය. ඒ හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ලද සංස්කෘතික සංදර්ශනයක දී සිදූවු මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය. හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවයේදී ජැක්සන් ඇන්තනී ඉදිරිපත් …
Continue Reading
තාජුඩීන් ඝාතනය ගැන අනුර සේනානායක කළ හෙළිදරව්ව!
ප්‍රකට රගර් ක්රීඩක වසීම් තාජුඩීන් අමානුෂික වධ හිංසාවලට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඊට ආධාර අනුබල දුන් ආකාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඊයේ(23) අධිකරණය හමුවේ මෙසේ අනාවරණය කර සිටියේය. සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් සමඟින් සැකකාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ පොලිස් …
Continue Reading
ජනපති නියමයෙන් අළුතින් අධි-ආරක්ෂිත කලාපයක්!
ජල ගැලීම් හා නායයෑම් මගින් අනතුරට පත් ප්‍රදේශ සියල්ල අධි ආරක්ෂිත කලාප ලෙස නම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ. එම ප්‍රදේශවල ජනයාගේ ජීවිත, දේපළ ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව සඳහන්ය. එසේම අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ පහත්බිම් ගොඩ කිරීමද ජනාධිපතිවරයා විසින් තහනම් කර තිබේ. මේ අනුව දැනට ඇති අනවසර ඉදිකිරීම් ඉවත් …
Continue Reading
ඝාතනයන්ට ආධාර අනුබල දුන් අනුර සේනානායක අත්අඩංගුවට!
කීර්තිමත් රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා එල්ලවී සිටි හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 2012 වසරේ මැයි 17 වන දින තාජුඩීන්ගේ මරණය සිදුවන …
Continue Reading
පීඩාවට පත් 3,48,476 න් 2,42,927 ක් තවමත් කඳවුරුවල
අධික වැසි සහිත කාලගුණ තත්ත්වය අඩුවීමක් සිදුව ඇතත් ඊයේ (23 වැනිදා) වන විටත් පවුල් පනස්‌හත් දහස් දෙසිය අනූවකට (57,290) අයත් පුද්ගලයන් දෙලක්‍ෂ හතළිස් දෙදහස් නවසිය විසිහතක් (2,42,927) ගංවතුර සහ නායයැම් හේතුවෙන් අවතැන් කඳවුරු තුන්සිය අනූවක (390) රඳවා සිටින බවත් තවත් පිරිසක් සිය ඥතීන්ගේ සහ වෙනත් වාසස්‌ථානවල රැඳී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි. ගංවතුර හේතුවෙන් ආපදාවට පත් වැඩිම පිරිස කොළඹ …
Continue Reading
පොලිස් මාධ්‍ය ඒකකයට මොකද වුණේ..?
නව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත්වීමත් සමඟම අත්හිටවූ පොලිස් මාධ්‍ය ඒකකය යලි ක්‍රියාත්මක නොවන බවට වාර්තා වේ. ඒ වෙනුවට පොලිස් මහජන කොට්ඨාශය බල ගැන්වෙන බවට නිතිය හා සාමය අමාත්‍යංශයේ ආරංචි මාර්ග වාර්තා කරයි. කෙසේ නමුත් පොලිස් මාධ්‍ය ඒකකය යනු ශ්‍රී ලංකා පොලිසියට අනුබද්ධව තිබූ නිල ඒකකයක් නොවන අතර යුධ සමයේ ආරක්ෂක තොරතුරු පාලනය කිරීමට මෙම ඒකකය පිහිටුවා තිබේ. ඒ අනුව …
Continue Reading
ව්‍යාසනය අතරේ කු.පා.ම. මහින්දගෙන් කුපාඩි වැඩක්
අපදාවන්ට ලක්ව අසරණ වී සිටින ජනතාවගේ සුව දුක් සොයා බැලීමට යැයි කියමින් පසුගියදා අරණායක ප්‍රදේශයට ගිය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ එය සිය පිරිස් බලය පෙන්වීමට ගත් පහත් උත්සහයක් දැක ගන්නට ලැබිණ. අරණායක විපතට පත් ජනතාව කු.පා.ම. මහින්ද වටා එක්වන බව පෙන්වීමට ඩ්‍රෝන් යවා ජායාරූප ගත කොට ඇත. එය සිදුකර ඇත්තේ කු.පා.ම.මහින්දට පෙර අරණායක විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට ගිය …
Continue Reading
බැසිල්ගේ බිරිඳ රට පනී!
හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය පුෂ්පා රාජපක්ෂ මහත්මිය වසර 2015 ජනවාරි 11දා අමෙරිකාවට ගොස් තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත දැනුම්දී ඇත. ඇය නැවත මෙරටට පැමිණි බවට වාර්තා වී නැති බවත්, එම දෙපාර්තමේන්තුව කොමිසමට වැඩිදුරටත් දන්වා ඇත. ඇගේ දියණිය තේජානි රාජපක්ෂ මහත්මිය පිළිබඳවත් කොමිසම විමර්ශන සිදු කරගෙන යයි. ගුවන් හමුදාවේ ගුවන් යානා අවභාවිතය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට …
Continue Reading
‘ROANU’ සුළි කුණාටුව – සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත්
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින‘ROANU’ සුළි කුණාටුව මේ වනවිට කන්කසන්තුරය ප්‍රදේශයට ආසන්න වශයෙන් කි.මී.1100 ක් ඊසාන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතී. පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්‍රවාහයේ අභිසාරීබව හේතුවෙන් දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතී.
Continue Reading
රාජපක්ෂ රෙජීමයේ 16 කට නොවරදින නඩු
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කරන ලද විමර්ශනවල ප්‍රතිඵලයන් ලෙස හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු දේශපාලනඥයන් සහ නිලධාරින් දහසය දෙනකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පවරා අධිචෝදනා භාරදුන් බව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා පවසයි. නඩු පැවරූ සෙසු පිරිස අතර විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂ පැල්පිට, විනිමය සුරැකුම් …
Continue Reading