හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිය පුෂ්පා රාජපක්ෂ මහත්මිය වසර 2015 ජනවාරි 11දා අමෙරිකාවට ගොස් තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත දැනුම්දී ඇත.
ඇය නැවත මෙරටට පැමිණි බවට වාර්තා වී නැති බවත්, එම දෙපාර්තමේන්තුව කොමිසමට වැඩිදුරටත් දන්වා ඇත. ඇගේ දියණිය තේජානි රාජපක්ෂ මහත්මිය පිළිබඳවත් කොමිසම විමර්ශන සිදු කරගෙන යයි. ගුවන් හමුදාවේ ගුවන් යානා අවභාවිතය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව රාජපක්ෂ මහත්මියගෙන් සහ ඇගේ දියණියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අත්‍යවශ්‍ය බව කොමිසම සඳහන් කරයි.
Loading...