ව්‍යාසනය අතරේ කු.පා.ම. මහින්දගෙන් කුපාඩි වැඩක්

Spread the love

maras-visitඅපදාවන්ට ලක්ව අසරණ වී සිටින ජනතාවගේ සුව දුක් සොයා බැලීමට යැයි කියමින් පසුගියදා අරණායක ප්‍රදේශයට ගිය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ එය සිය පිරිස් බලය පෙන්වීමට ගත් පහත් උත්සහයක් දැක ගන්නට ලැබිණ. අරණායක විපතට පත් ජනතාව කු.පා.ම. මහින්ද වටා එක්වන බව පෙන්වීමට ඩ්‍රෝන් යවා ජායාරූප ගත කොට ඇත. එය සිදුකර ඇත්තේ කු.පා.ම.මහින්දට පෙර අරණායක විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා වැඩි ජනකායක් මහින්ද වටා එක්වන පෙන්වීමට වුවත් එය අසාර්ථක වී ඇත.

එදා සුනාමි ව්‍යාසනය අවස්ථාවේදී පවා තම ගමේ විපතට පත් ජනතාව වෙනුවෙන් ලැබුණු සුනාමි ආධාර (හෙල්පින් හම්බන්තොට) හොරාකන ලද කු.පා.ම. මහින්ද රාජපක්ෂ තදුරටත් මෙවැනි කුපාඩි වැඩවල නිරත වීම කනගාටුවට කරුණකි.

maras-work

RSL

Related Posts