ඝාතනයන්ට ආධාර අනුබල දුන් අනුර සේනානායක අත්අඩංගුවට!

Spread the love

Anura Senenayakeකීර්තිමත් රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැඟවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා එල්ලවී සිටි හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2012 වසරේ මැයි 17 වන දින තාජුඩීන්ගේ මරණය සිදුවන අතර එය සාමාන්‍ය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට එකල තහවුරු කළ නමුත් මෙම මරණය සම්බන්ධයෙන් පැවති සැකයත් එය දේශපාලන පක්ෂ සහ විවිධ සිවිල් සංවිධාන විසින් අවස්ථා ගණනාවකදී මතු කිරීමත් මත එම මරණය සිදු වී වසර 4ට පසු සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ ආරම්භ කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරවිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට අධිකරණය හමුවේ තහවුරු වූ අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසියේ හිටපු රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාද අත්අඩංගුවට ගෙන මේවන විට රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටියි. හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (23) නියෝග කළේය.

ඉදිරියේ රාජපක්ෂවරුන්ගේ අණ පරිදි කුලියට මිනී මැරූ සහ ඒවාට ආධාර අනුබල දුන් පිරිස්ද සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වීමට නියමිත බවට වාර්තාවේ.

RSL

Related Posts