පීඩාවට පත් 3,48,476 න් 2,42,927 ක්‌ තවමත් කඳවුරුවල

Spread the love

disaster2අධික වැසි සහිත කාලගුණ තත්ත්වය අඩුවීමක්‌ සිදුව ඇතත් ඊයේ (23 වැනිදා) වන විටත් පවුල් පනස්‌හත් දහස්‌ දෙසිය අනූවකට (57,290) අයත් පුද්ගලයන් දෙලක්‍ෂ හතළිස්‌ දෙදහස්‌ නවසිය විසිහතක්‌ (2,42,927) ගංවතුර සහ නායයැම් හේතුවෙන් අවතැන් කඳවුරු තුන්සිය අනූවක (390) රඳවා සිටින බවත් තවත් පිරිසක්‌ සිය ඥතීන්ගේ සහ වෙනත් වාසස්‌ථානවල රැඳී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

ගංවතුර හේතුවෙන් ආපදාවට පත් වැඩිම පිරිස කොළඹ සහ ගම්පහ දිස්‌ත්‍රික්‌කවලින් වාර්තා වී ඇත. කැලණි ගඟ පිටාර ගැලීම නිසා මෙම පිරිස අවතැන්ව සිටින අතර කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පවුල් 32924 කට අයත් පුද්ගලයන් 1,47,616 ක්‌ ද ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පවුල් 57194 කට අයත් පුද්ගලයන් 2,44,157 ක්‌ ද පීඩාවට පත්ව ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 476 ක්‌ සම්පූර්ණයෙන් විනාශ වී නිවාස 3699 කට අර්ධ හානි වී ඇති බවට වාර්තා වී ඇත. නායයැම් හා ගංවතුර හේතුවෙන් ඊයේ වන විට මියගිය සංඛ්‍යාව 84 ක්‌ව අතුරුදන් සංඛ්‍යාව 116 ක්‌ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

RSL

Related Posts