මහින්දට සිදුහත් ලේ-නෑකම් සොයා දුන් ජැක්සන් එදා ගහපු ගැහිලි ගැන කියයි (Video)

Spread the love

jacksonanthonyපැවති රාජපක්ෂ රෙජීමය රජයේ ප්‍රධාන වණ්දි බට්ටයා වූ ජැක්සන් ඇන්තනී එකළ ජනාධිපති මහින්ද රාජපක්ෂව අන්දමින් කඩා වඩාගත් පොදු ජනතාවගේ මුදල් ගැන කීමට අද (24) බරපතළ වංචා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියේය.

ඒ හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ලද සංස්කෘතික සංදර්ශනයක දී සිදූවු මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළවය. හම්බන්තොට වරායට ජලය පිරවීමේ උත්සවයේදී ජැක්සන් ඇන්තනී ඉදිරිපත් කළ රැඟුමන් වෙනුවෙන් ඔහු රුපියල් මිලියන 20ක් (කෝටි 2ක්) ලබාගත් ගැන කරුණු කීමටය. මෙය ජැක්සන් එදා මහින්දව ගැමුණුටත් ප්‍රේක්ෂකයාව ගොනාටත් අන්දවා මිලියන ගණනක් ලබාගත් ප්‍රකට වූ එක් ගනුදෙනුවක් පමණි. මීට අමතරව අවස්ථා ගණනවකදී ජැක්සන් ඇන්තනීගේ දැන්වීම් සහ සංස්කෘතික ප්‍රචාරණ ව්‍යාපාරය හරහා අතිවිශාල බිල් දමමින් මෙරට ජනතාවගේ මුදල් පසුගිය රජය හරහා ගසා කා ඇතැයිද වාර්තාවේ.

පහත දැක්වෙන්නේ එදා පැවති රාජපක්ෂ රෙජීමයේ ප්‍රධානීන් දෙදෙනාව ජනතාව ඉදිරියේ මුරුංගා අත්තේ තබමින් ඇන්දූ ආකාරයයි. මෙය රාජපක්ෂවරු බොහෝ කැමැත්තෙන් අන්දවා ගත් ඇන්දීමකි.

RSL

Related Posts