යෝෂිතගේ මිත්තනියගේ නමට බිලියන ගණනක් වටිනා ඉඩම් 14ක් මිලදීගෙන

Spread the love

Yoshitha 3CSN නාලිකාව ආරම්භයේදී යෙදවූ ප්‍රාග්ධනය සහ එම නාලිකාව පවත්වාගෙන යාමට මුදල් හා උපකරණ ලබාගත් ආකාරය පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී වැදගත් තොරුතුරු රාශියක් අනාවරණය වී ඇත.

එහිදී යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස ලබා දුන් කට උත්තර හා සාක්ෂි මත සිදු කළ වත්කම් පිළිබඳ පරීක්ෂණවලදී අනාවරණය වූ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස සහ දේපල පිළිබඳ සිදු කරන පරීක්ෂණවලට අනුව යෝෂිත රාජපක්ෂ පාර්ශවයෙන් ලබා දුන් කටඋත්තරවල සඳහන් ඔවුන් මිත්තණියක යැයි කියන ඩේසි ෆොරස් වික්‍රමසිංහගේ නමට තවත් ඉඩම් 14ක් මිලදී ගෙන ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව වාර්තා වේ.

මේ වනවිට එම ඩේසි ෆොරස් වික්‍රමසිංහ නැමැත්තිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා එම ඉඩම් මිලදී ගැනීමට තරම් මුදල් ඉපැයූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවද වාර්තා වේ. ඇය වයෝවෘධ කාන්තාවකි.

RSL

Related Posts