මොරටු සරසවිය හදිසියේම වසා දමයි; පරිපාලනයට සිසුන්ගෙන් චෝදනා (Video)
විශාල සිසුන් පිරිසකට ඩෙංගු උණ වැළදීමත්, එක් ශිෂ්‍යාවක් ඩෙංගු වැළදී මියයාමත් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සතිදෙකක කාල සීමාවක් සඳහා තාවකාලිකව අත්හිටුවා තිබේ. එම විශ්වවිද්‍යාලයේ සිසුන් 87ට පමණ මේ වනවිටත් ඩෙංගු රෝගය වැළදී ඇති අතර එක් ශිෂ්‍යාවක් මිය ගොස් ඇති බව මොරටු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමින්ද කිත්සිරි මහතා කියා සිටියි. පවතින තත්ත්වයට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මොරටුව …
Continue Reading
ශ්‍රීලනිප මන්ත්‍රීවරු 18ක් ආණ්ඩුවෙන් ඉවතට..?
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූර හොබවන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා ජාතික පුවත්පතකට පවසා ඇත. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඇති කරගත් අවබෝධතා ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයේ දී අවසන් වන බවත් කී ඒකනායක මහතා ඒ අනුව සම්මුතිවාදී ආණ්ඩුවෙන් …
Continue Reading
ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් තනතුරට
පී.බී අබේකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ලේකම් ධූරයට ජ්‍යෙෂ්ඨතම පරිපාලන නිලධාරියෙකු වූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතව තිබේ. හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන ඔහු මෙලෙස නව ජනාධිපති ලේකම්වරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.
Continue Reading
වාසුගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
හම්බන්තොට වරාය සහ අවට ඉඩම් අක්කර පහළොස් දහසක් සංවර්ධනය කිරීම සඳහා බදු ගිවිසුමක් යටතේ චීන සමාගම් දෙකකට පැවරීමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (30) නිෂ්ප්‍රභ කරන ලදී. සිද්ධිමය කරුණු පෙත්සමට ඇතුළත් කර නැති බැවින් පෙත්සම විභාගයක් පැවැත්වීමට නියම කිරීමෙන් තොරවම අහක දැමිය යුතු යෑයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් …
Continue Reading
බන්දුල ගුණවර්ධනගේ කෝටි 2000 ක කුප්‍රකට ගැහිල්ලක් හෙළිවෙයි
කුප්‍රකට ටියුෂන් කඩ හිමියෙකු වූ රාජපක්ෂ රෙජීමය රජයේ හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වූ බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී පාසල්වලට පරිගණක මිලදී ගැනීමේ ක්‍රියාවලියකදී රුපියල් කෝටි 2000 ට ආසන්න මුදලක් වංචා කර ඇති බව වාර්තාවේ. මෙම මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් තොරතුරු අධ්‍යාපන ඇමති අඛිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාරියවසම් මහතා මෙම තොරතුරු …
Continue Reading
උමාඔයෙන් ලැබී ඇත්තේ කොමිස් පමණයි; ඇස්තමේන්තුවෙන් පමණක් ඩොලර් මිලියන 248 ක් ගිලලා
උමා ඔය කඳුකරයේ හදවත සිදුරු කළේ කොමිස් උදෙසා මිස “සංවර්ධනයේ නාමයෙන්“ නොවන බවත්, බහු විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව මාස 6 ක් තුළ ඩොලර් මිලියන 248 කින් වැඩි කළ දේශපාලනඥයින් හා නිලධාරීන් උමා ඔය විනාශයට වග කිව යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ මෙසේද සඳහන්ය. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා …
Continue Reading
උදයංග අල්ලන්න ජාත්‍යන්තර පොලිස් සහාය ඉල්ලයි
-
RSL
-
June 30, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති උදයංග වීරතුංග අත් අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා තිබේ. මිග් යානා ගනුදෙනුව ඇතුළු බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් මූල්‍ය අජරාධ කොට්ඨාසයට අවශ්‍යව සිටින උදයංග වීරතුංග එම පරීක්ෂණවලට පෙනී නොසිට මෙරටින් පලා ගොස් සැඟවී ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය කියා සිටියි. ඔහු සැඟවී ඇතැයි සැක කෙරෙන ස්ථාන කිහිපයක්ම මේ වන විට ජාත්‍යන්තර පොලීසිය …
Continue Reading
දින 3 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන්
-
RSL
-
June 30, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
තැපැල් සේවකයන් දින 3 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ. ඓතිහාසික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘතියකට ලබාදීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් ලබා නොදීමට විරෝධය පල කරමින් තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළේ 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිටයි. තම ගැටළුවලට සාධනීය විසඳුම් ලබාදෙන බවට පොරොන්දුවීම නිසා දින තුනක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආ තැපැල් වර්ජනය අත්හිටුවන බව ඒකාබද්ධ …
Continue Reading
ඇමති රාජිත ජනපතිට අපහාස කරලා.. (Video)
පසුගියදා පැවති වෛද්‍ය වැඩ වර්ජනය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගෙන එය නිමාකරලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සිදුකළ සාකච්ඡාව ‘හොර සාකච්ඡාවක්’ යැ’යි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශය මඟින් ඔහු ජනාධිපතිවරයාට අපහාස කොට ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. ජනාධිපතිවරයා විසින් ලබාදුන් වේලාව මත ඔහු හමුවී ප්රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ගිය රජයේ වෛද්‍ය නිලධාරීන් …
Continue Reading
කෝටි ගණන් වංචා කළ අය විරෝධතා හමුවේ නිහඬයි – ජනපති
වැරදි දේශපාලන තීන්දු ගනිමින් කෝටි ගණන් මුදල් වංචා කළ පිරිස අද පැනනැගී ඇති ජනතා විරෝධතා හමුවේ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ ද වැරදි ඇස්තමේන්තු සකස් කරමින් ව්‍යාපෘතියේ මූල්‍ය වංචා සිදු කළ අය පිළිබඳ වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට තමා ඉදිරියේදී අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. නුවරඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය. උමා …
Continue Reading