උදයංග අල්ලන්න ජාත්‍යන්තර පොලිස් සහාය ඉල්ලයි

Spread the love

ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති උදයංග වීරතුංග අත් අඩංගුවට ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසය ජාත්‍යන්තර පොලීසියේ සහාය ඉල්ලා තිබේ.

මිග් යානා ගනුදෙනුව ඇතුළු බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් මූල්‍ය අජරාධ කොට්ඨාසය‍ට අවශ්‍යව සිටින උදයංග වීරතුංග එම පරීක්ෂණවලට පෙනී නොසිට මෙරටින් පලා ගොස් සැඟවී ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය කියා සිටියි. ඔහු සැඟවී ඇතැයි සැක කෙරෙන ස්ථාන කිහිපයක්ම මේ වන විට ජාත්‍යන්තර පොලීසිය මගින් පරීක්ෂාවට ලක් කර ඇතත් ඔහු එම ස්ථානවලින් පලා ගොස් විදෙස් ගමන් බලපත්‍රය ද වෙනස් කර තැනින් තැනට යමින් සැඟවී සිටින බවට පොලීසිය සඳහන් කරයි.

ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වී ඇති උදයංග සම්බන්ධ තොරතුරු රතු නිවේදන මගින් පොලීසිය රටවල් ගණනාවකට යවා තිබේ.

මේ අතර මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ කරන මූල්‍ය වංචාවන් ගණනාවක් සඳහා රටවල් අසූ දෙකකින් තොරතුරු ඉල්ලා තිබේ. මෙම මූල්‍ය වංචාවන් සියල්ල රුපියල්වලින් ගණනය කළහොත් රුපියල් කෝටි සිය ගණනක් වන බවද මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි.

මෙම වංචාවන්වල තොරුතුරු එම රටවල්වලින් මේ වන විටත් ලබා දෙමින් පරීක්ෂණ සඳහා විශාල සහයෝගයක් ලබා දෙමින් සිටින බවද මූල්‍ය අපරාධ කොට්ඨාසය කියා සිටියි. එම රටවල්අසූ දෙකේ තානාපති කාරයාල හරහා මෙම තොරතුරු ලබා දීම සිදු කෙරේ.

හාස්‍යයට කරුණ නම් වත්මන් රජයේම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ අරුන්දික ප්‍රනාන්දු මහතා උදයංග වීරතුංගව ජපානයේදී හමුවී සෙල්ෆි ජායාරූප ගනිමින් සාදයකට සහභාගී තිබීමයි.

RSL

Related Posts