දින 3 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන්

Spread the love

තැපැල් සේවකයන් දින 3 ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ. ඓතිහාසික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘතියකට ලබාදීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් ලබා නොදීමට විරෝධය පල කරමින් තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළේ 26 වනදා මධ්‍යම රාත්‍රියේ සිටයි.

තම ගැටළුවලට සාධනීය විසඳුම් ලබාදෙන බවට පොරොන්දුවීම නිසා දින තුනක් තිස්සේ අඛණ්ඩව
පවත්වාගෙන ආ
තැපැල් වර්ජනය අත්හිටුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා පවසයි. කැබිනට් අනුකමිටුව සමග ඊයේ දිනයේ තැපැල් වෘත්තීය සමිති නියෝජිතයින් සමග සිදුකළ සාකච්ඡාවේදී සාධනීය ප්‍රතිචාර ලැබී ඇත.
මේ අනුව අද (30) දිනයේ සිට සුපුරුදු ලෙස තැපැල් සේවා රාජකාරි කටයුතුවල නිරත වන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාවල ලිපි ලක්ෂ 4 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී තිබෙන බව සඳහන්. කෙසේ වෙතත්, බලධාරින් පොරොන්දු වූ පරිදි තම ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදැක්වුවහොත් යළි වර්ජනයක් සිදුකිරීමට සිදුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැදවුම්කරු එච්.ඒ.කාරියවසම් මහතා සඳහන් කරයි.

RSL

Related Posts