මොරටු සරසවිය හදිසියේම වසා දමයි; පරිපාලනයට ​සිසුන්ගෙන් චෝදනා (Video)

Spread the love

විශාල සිසුන් පිරිසකට ඩෙංගු උණ වැළදීමත්, එක් ශිෂ්‍යාවක් ඩෙංගු වැළදී මියයාමත් හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සතිදෙකක කාල සීමාවක් සඳහා තාවකාලිකව අත්හිටුවා තිබේ. එම විශ්වවිද්‍යාලයේ සිසුන් 87ට පමණ මේ වනවිටත් ඩෙංගු රෝගය වැළදී ඇති අතර එක් ශිෂ්‍යාවක් මිය ගොස් ඇති බව මොරටු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමින්ද කිත්සිරි මහතා කියා සිටියි.

පවතින තත්ත්වයට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලමින් මොරටුව සරසවියේ සිසුන් අද (01) උදෑසන මොරටුව සරසවිය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක ද නිතර වී තිබේ.

එමෙන්ම මාස 2ක පමණ කාලයක් පුරා පැවති මෙම තත්ත්වය හමුවේ පාලනාධිකාරිය දැනුම්වත් කළද නිසි පිළිතුරක් නොලැබුණු බවත්, ඒ සඳහා පාලනාධිකාරිය වැඩි කාලයක් ගත් බවත් මොරටු සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමින්ද කිත්සිරි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මේ හේතුවෙන් අද(01) සිට සති දෙකක කාලයක් සඳහා මෙලෙස අධ්‍යයන කටයුතු කල්දමා ඇති බව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

මොරටුව විශ්වවිද්‍යාලය අවට පරිසරය තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවනතාවය ඉහළ ගොස් ඇති බවද උපකුලපතිවරයා සඳහන් කරයි.

RSL

Related Posts