මේ වසරේත් මහින්දගේ බලාපොරොත්තු සුන්වෙයි

Spread the love

කු.පා.ම. මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තු වූ පරිදි මේ වසරේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවට වාර්තාවේ.

පළාත් පාලන ආයතන බලාත්මක කිරීම තවත් මාස 03 කින් කල් දැමීමට රජය තීරණය කර තිබෙන අතර මේ අනුව මැතිවරණ කොමිසමට ලබන ඔක්‌තෝබර් මස 01 වැනිදා තෙක්‌ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමට නොහැකි වනු ඇත.

පළාත් පාලන ආයතන පෙරේදා (01 වැනිදා) සිට බලාත්මක වන බවට මීට පෙරදී පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆ්යිසර් මුස්‌තාෆා මහතා විසින් ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත්කර තිබුණද පසුගිය 30 වැනිදා ඇමැතිවරයා යළිත් නිකුත් කළ ගැසට්‌ නිවේදනයක්‌ මගින් මෙම ඔක්‌තෝබර් මස 01 වැනිදා දක්‌වා මාස තුනකින් පසුව එම ආයතන බලාත්මක වීමේ දිනය දීර්ඝ කරනු ලැබ ඇත.

මේ අනුව මහ නගර සභා 23 ක, නගර සභා 41 ක හා ප්‍රාදේශීය සභා 271 ක ඡන්ද විමසීම් මාස 03 ක්‌ යන තෙක්‌ පැවැත්වීමට නොහැකි වෙයි.

RSL

Related Posts